ඔක්සිජන් හිගයක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Published in පුවත්
Tuesday, 27 April 2021 16:24

කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෝ නැගෙනහිර කොළඹ රෝහලේ ඔක්සිජන් හිඟයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

දැනට පවතින තත්ත්වය අනුව ඔක්සිජන් ධාරිතාවය තවත් වැඩි කිරීමේ හැකියාව ද මෙරට තුළ පවතින බවයි ඔහු සදහන් කරන්නේ.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,

"කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් ගැන සමහර මාධ්‍යවල වාර්තා වුණා. ඇත්තටම එහෙම දෙයක් නෑ. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තියෙනවා ද කියන කරුණක් ඒ කතාවට පාදක වෙලා තිබුණා. ඒ රෝහලෙත් කිසිම ඔක්සිජන් හිඟයක් නෑ. අපි දැනටමත් කොවිඩ් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානවලට සහ ශික්ෂණ රෝහල්වලට විශාල ප්‍රමාණයේ ඔක්සිජන් සිලින්ඩර ලබාදීමට කටයුතු කරමින් යනවා. ලංකාවේ දැනට මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්තශාලාවලින් ඒවා ලැබීමේ කිසිඳු අඩුවක් නෑ. ඔක්සිජන් ප්‍රමාණය තවත් වැඩි කිරීමේ හැකියාව ඔවුන්ට තියෙනවා." යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us