subash

subash

තිරිඟු ප්‍රවාහන පිරිවැය 50%කින්ද ඇසුරුම් ද්‍රව්‍ය මිල 20%කින්ද වැඩි වී ඇති හෙයින් තිරිඟු පිටි මිල වැඩි කළ යුතු බව සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේනවා.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීම සදහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට සිය සේවා වෙනුවෙන් සිදුකරන ගෙවීම් ඇමරිකානු ඩොලර්වලින් භාරගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ විදේශ විනිමය පනත යටතේ ඇති බලතල උපයෝගී කරගනිමින් නිකුත් කර ඇත.

මේ දිනවල පැතිර යන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදය පෙණහැල්ලට දරුණු බලපෑම් එල්ල කරන බැවින් අධික ලෙස වෙහෙස වී වැඩ කිරීමෙන් වළකින ලෙස ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ජනතාවට දැනුම් දී සිටියි.

කොරෝනා වසංගතය මැඬලීමට මේ මොහොත රටේ ජාතික ආපදාවක් ලෙස සලකා ජනතාව එකාමෙන් සහයෝගය දිය යුතුව ඇති බවත්, ජනතාව නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පවසයි.

ඉන්දියාවේ සිට බෝට්ටුවකින් පලාවිත් සැඟවී සිටි කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් දෙදෙනකු පුත්තලම, වෙප්පමඩු සහ මීගමුව, කොච්චිකඩේ, මානවේරිය යන ප්‍රදේශවලින් සොයා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන්ට හැකි වී තිබේ.

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි. සාමාන්‍යයෙන් අප දන්නා පරිදි ලෝක කම්කරු දිනය වෙනුවෙන් බොහෝ පෙළ පාළි, රැළි සහ උත්සව සංවිධානය කෙරුණ ද පසුගිය වසරේත් මෙවරත් එම වැඩසටහන් බොහොමයක් තහනම් කිරීමට ලෝකය පුරා කටයුතු කර තිබේ.

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර තිබේන බව වාර්තා වෙනවා.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

මෑතකදී සංචාරයේ නිරත පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට සිංගප්පුරු රජය තීරණය කර තිබේනවා. එම රටවල් අතරට ලංකාවද අයත්.

2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් ඒය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ඒහි සඳහන් වේ. මෙහිදී වැඩිදුරටත් මහ බැංකුව මෙසේ කියා සිටී.

Connet With Us