subash

subash

සද්ද විද්ද රාජපක්ෂ පළග පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු නම් තරුණයා පසු කලක රන්ජන් රාමනායක විය. ඒ ප්‍රධාන චරිතයක් මගින් ශ්‍රී ලාංකීය සිනමාවට මං විවරකර දුන් චිත්‍රපටි නිෂ්පාදකවරයෙකුට ගරු කිරීමක් වශයෙන් ඔහු සිය නාමයට රාමනායක කොටස එක්කර ගැනීයෙනි. ඒ අනුව ඔහුගේ ජනප්‍රිය නාමය රන්ජන් රාමනායක විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේනවා.

ජනාධිපතිවරයා මෙසේ පැමිණියේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන යෝජනාව පිළිබඳ විවාදය පැවැත් වෙමින් තිබෙන අවස්ථාවේදිය.

අවශ්‍ය වුවොත් අවසාන අදියරේ ඉගෙනුම ලබන හෙදියන් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොදවා ගන්නා බව සෞඛ්‍ය ඇමැතිති පවිතත්‍රා වන්නිආරච්චි ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ පනතක් සම්බන්ධව විපක්ෂයෙන් කතා කරන්නෙ කීයෙන් කීදෙනාද, පාර්ලිමේන්තුව ඇතුලෙ කතා කරන්නේ වල්පල්. දාන පනතක් ගැන හෝ ගැසට් එකක් ගැන හෝ නිවේදනයක් ගැන හෝ නෙවෙයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඔක්කොම ඇවිල්ලා වෙන වෙන විෂයන් ගැන තමයි කතා කරන්නේ...යැයි පෝට් සිටි පනත සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවැසීය.

ඉංදියාවේ කොරෝනා වසංගතය වේගයෙන් පැතිරීයාම සහ ඊට පිළියම් යෙදීමට ඉංදීය රජය අසමත්වීම හමුවේ ඉන්දියානුවන් තොග පිටින් මෙරටට ඇතුලුව් වීමට උත්සහ ගනිමින් තිබේ. අද පුද්ගලයන් 86 දෙනෙකු රැගත් ඉන්දීය ධීවර බෝට්‍ටු 11ක් මෙරටට ඇතුලුවීමට ගත් උත්සහයයන් වැලැක්වීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙන බවත් වාර්තා වී ඇත.

කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් හමුවීමත් සමග රජයේ රසායනාගාර වල සිදුකෙරෙන දෛනික PCR ගණන ඉහළ දැමීමට රජය තීරණය කර තිබේනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගෑස් මිල වැඩි කිරීමට අවසර නොදීම හේතුවෙන් ගෑස් සමාගම් ණයවර ලිපි විවෘත නොකර ආනයනය ප්‍රමාද කිරීම නිසා ගෑස් හිගයක් මතුව ඇති බව වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඊයේ (03 වැනිදා) දැනුම් දී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ පළමු එන්නත් 15,000 ක තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

Connet With Us