කයිවාරු නැතිව වැඩකරන ජනපති - ගම සමඟ පිළිසඳර යාථාර්ථයකි Featured

Tuesday, 27 April 2021 10:14

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති ප්‍රමුඛ වැඩ සටහනක්වන්නෙ ගම සමඟ පිළිසඳර නමින් වන දුෂ්කර ගම්මාන නඟා සි‍ටුවීමේ වැඩ පිළිවෙලය. කාලන්තරයක් මුලුල්ලේ රාජ්‍යයේ අවධානයෙන් ගිලිහුණු දුෂ්කර ගම්මානකරා ගොස් එම ගම්වැසියන් නගා සි‍ටුවීම වෙනුවෙන් ජනාධිපතිවරයා පෞද්ගලිකව සම්බන්ධවීම මෙහි ඇති විශේෂත්වයවේ.

ග්‍රාමීය සංවර්ධනය යනුවෙන් මීට පෙර සිටි පාලකයන් මහා සංදර්ශන වලින් ඔබ්බට ගියේ නැති බව මේතාක් ඉතිහාසයේ අප දැකපු දෙයයි. මතු පිටින් පෙනෙන සංවර්ධන මවා පෑමකට ඒවා සීමා විය. කොළඹ සිට රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් නියෝග ලබාදීමෙන් පසුව ඒවා අහවර විය. නමුත් සිදුවූ ඇත්ත සංවර්ධනයක් නැත. ජනතාවගේ ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් නොවී ඒවා දශකගනන් කුරුවල් වෙවී පැවැතිනි..

ජනාධිපතිවරයා ගම සමඟ පිළිසඳර ආරම්බ කළේ මේ නොකෙරුණු, නොකෙරෙන වැඩ ටික කරන්නටය. ගමටම ගොස් ගම් වැසියන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගෙ ප්‍රශ්නවලට ඔවුන් ඉල්ලා සිටින විසඳුමට අනුගතව ඒවා ක්‍රියාත්මක වන තැනට වැඩ කළේය. එහෙත් එතැනින් එය නැවැතුනේ නැත. කියපු ලෙසටම වැඩ සිදුවෙනවාද බලන්න ඒ වෙනුවෙන් වෙනම ජනාධිපති කිරය සාධක බලකායක්ද පිහිටුවනු ලැබුවේය. එහෙත් එතැනින්ද නතර නොවු ඔහු නැවත ගමට පැමිණි සියල්ල පිරික්සා බැලුවේය. මේ නිසා රාජ්‍ය නිලධාරීන්ට වෙනදා වගේ වැඩ මඟ හරින්නට නොහැකි වී ඇත. විය යුතු දේ ඒ විය යුතු පරිද්දෙන්ම සිදු කිරීමට රාජ්‍ය යාන්ත්‍රණයට අද සිදුව තිබේ. ජනාධිපතිවරයා ආදර්ශයෙන් කරන මේ මැදිහත්වීම මත අදාල ගම්මානය පමණක් නොව වට පිටාවේ ගම්මානද ඒ අනුව සංවර්ධනය කරාගෙන ගෑමට රාජ්‍ය නිලධාරීන්ට සිදුව තිබීම මෙම වැඩ පිළිවෙලෙහි වක්‍ර ප්‍රතිලාබයයි. එක ගමක වැඩ සිදු වෙන්නත් ඊට යාබද ගමක එය සිදු නොවීමටත් හේතුවක් නැත. මේ නිසා පොදුවේ රාජ්‍ය නිලධාරීන්ට සිය අලසකම, කුප්පකම, මඟ හැරීම් අත්හැර වැඩ කිරීමට සිදුව තිබේ.

මෙරට සංවර්ධනය කරාගෙන යාමට අවශ්‍ය නීති රීති, ක්‍රමවේද, ප්‍රතිපාදන ඕනෑ තරම් තිබේ. යළි අමුතුවෙන් දැඩි නීති රීති, නියෝග පනවන්න දෙයක් නැත. අවශ්‍යවන්නෙ ඒ අනුව වැඩ කිරීමෙහි පුරුද්ද ඇති කිරීමය. වැඩ කිරීම ගැන ආදර්ශය අද ජනාධිපතිවරයා දෙමින් සිටීම මත ඊට අනුව හැඩ ගැසීමට අද රටටම සිදුවෙමින් පවතින ප්‍රාතිහාරජනක වික්‍රමයයි. නායකයන් කියන්නේ එහෙම විකුම්පාන මිනිසුන්ටය. අද රට එවැනි නායකත්වයක් ලැබීමට තරම් වාසනාවන්ත වී තිබේ. වැරදීම් අඩුපාඩු කොතෙකුත් වූවද ඒවා නිවැරදි කරගනිමින් රටෙත් රට වැසියාගේත් අභිවෘද්ධිය සෞභාග්‍යය වෙනුවෙන් නොපසුබස්නා වීර්යයෙන් වැඩ කරන නායකයකු සිටිනවා නම් රටවල් ගොඩනැගීම ගැන සැකයක් තබන්නට අවශ්‍ය නැත.

“ගම සමඟ පිළිසඳර” ප්‍රගතිය නිරීක්ෂණය - හල්දුම්මුල්ල

“ගම සමඟ පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, වැඩසටහනේ පළමුවැන්න විය. ජනතාව පෙන්වා දුන් සහ එහිදී හඳුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය. මාස 07 කට පසු එහි ප්‍රගතිය සොයා බැලීම ජනාධිපතිවරයාගේ ඊයේ (26) චාරිකාවේ අරමුණ විය.

‍ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේය. හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම ඊයේ (26) සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස් රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ.

වන අලි පහරින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. “ ගම සමඟ පිළිසඳරින්” ප්‍රතිලාභ අත්කර ගත් ඉඩම් ඔප්පු ලාභීන් කීප දෙනෙකු සමඟ කතා කළ ජනාධිපතිවරයා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දුන්නේය.

වෙලංවිට ග්‍රාමයේ විදුලි අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවතිණ. එහි දිග කි.මි 6 කි. විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කර ඇත. අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේ ජනතාවටම පවරා තිබේ. එක් කිලෝ මීටරයකට එක් අයෙකු බැගින් මාසිකව රුපියල් 7500ක දීමනාවක් ලැබෙන සේ පුද්ගලයන් 06 දෙනෙකු ඒ සඳහා පත් කර සිටිති. නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තබේ. වෙලංවිට සිට කොස්ලන්ද, වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කි.මි 14ක මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතී.

පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ඉදි කෙරෙමින් පවතින ජල යෝජනා ක්‍රමය පිළිබඳව ජනාධිපතිවරයා විමසා බැලීය. අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවල විදුලි සැපයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 54කි. නිවාස 83කට තෙමසක් තුළ විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත. නිරීක්ෂණ චාරිකාවේ නිරත ජනාධිපතිවරයා මඟ දෙපස රැස්ව සිටි ජනතාවගෙන් තොරතුරු විමසා බැලීය.

වැඩ අවසන් හා ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළ ජනපතිවරයා ඒවා කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ජනාධිපතිගේ පැමිණීම සමඟ ගමේ පොදු ජන ජීවිතය මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලැබීම පිළිබඳව මහ සංඝරත්නයේ සහ ජනතාවගේ බලවත් ප්‍රසාදය මෙහිදී පිරිනැමිණි.

බණ්ඩාරවෙල නගර සැලැස්ම සහ හපුතලේ නගරය සංචාරක ආකර්ෂණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයන් කළ ඉල්ලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙණිපිටිය, චාමර සම්පත් දසනායක, තිස්ස කුට්ටිආරච්චි මහත්වරුද, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

- the novemberist

Last modified on Tuesday, 27 April 2021 10:44

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us