අපට කළ හැකි දේ බොහෝය. එය අපගේ වගකීමක් කරගමු ! Featured

Thursday, 29 April 2021 14:34

වෛරසය ලෝකයේ සෑම රටකම සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද මේ වන විට COVID -19 තෙවන රැල්ල සමග දැවැන්ත සටනක සිටි.

COVID -19 රෝගයේ ව්‍යාප්තිය ශ්‍රී ලංකාව තුළ වැඩි වීමට හේතු වූ ප්‍රධාන කරුණු තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 2020 වසරේ අප්‍රේල් 28 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දුන් 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව එහි දැක්වෙන්නේ COVID -19 වෛරසය පිළිබඳව සිදු කළ දැනුවත් කිරීම් මගින් මාර්තු මාසයේ මුල් කාලපරිච්ඡේදය වනතෙක් එහි ව්‍යාප්තිය වළක්වා ගැනීමට හැකි වුවද "සංචාරකයින්ගේ අඛණ්ඩ පැමිණීම, වෛරසය ව්‍යාප්ත වී ඇති රටවලින් ශ්‍රී ලාංකිකයන් පැමිණීම සහ මාර්තු මැද සිට පනවන ලද ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී පැවති දුර්වලතාවයනුත් නිසා වෛරසයේ ව්‍යාප්තිය තවදුරටත් වැඩි වූ," බවය.

එසේ වුවද රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීම මගින් මිනිස් ක්‍රියාකාරකම් සීමා කිරීම, 2020 මාර්තු 19 සිට ගුවන් තොටුපොළවල් වසා දැමීම සහ විදේශයවල සිට පැමිණෙන්නන් නිරෝධායනයට ගත් ක්‍රියාමාර්ග තුළින් වෛරසයේ ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කිරීමට උපකාරී වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග එහි පැතිරීම මැඩපැවැත්වීමට උපකාරී වුවද එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි සැළකිය යුතු නිශේධනීය බලපෑමක් ඇතිකර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී "කෝවිඩ්-19 සහ ශ්‍රී ලංකාව: අභියෝග, ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම" යන සිරස්තලය යටතේ මෙම විශේෂ සටහන ඇතුළත් කර ඇත.

එමගින් පෙන්වා දී තිබෙන්නේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේවන විට අනුගමනය කළ මුල් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස යම් සාර්ථකත්වයක් ලබා සිටින අතර, එම ක්‍රියාමාර්ගයන් තුළින් දේශීය ආර්ථික කටයුතුවලට වන පසුබෑම සහ ගෝලීය ආර්ථිකයේ මන්දගාමී වීම තුළින් ඇතිවිය හැකි බලපෑම නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට සැළකිය යුතු බලපෑමක් එල්ල වන බව ය. මේ තත්වයන් තව දුරටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් කිරීම හමුවේ නව ආර්ථික උපාය මාර්ග අනුගමනය කිරීමට මහ බැංකුවට සිදුව තිබිණි.

කෙසේවෙතත් කොවිඩ් තෙවන රැල්ලත් සමග නැවතත් ලංකාව සමාජමය සහ ආර්ථිකමය වශයෙන් දැවැන්ත අර්බුදයන් ගණනාවකට මුහුණ පෑමට සිදුව ඇත. ඊයේ දිනයේ වාර්තාගත ලෙස මෙරටින් හමුවූ වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා විය..ඒ 1466ක් ලෙසයි..මේ වන විට අවදානම් තත්වයේ ඇති ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කරමින් පවතීන අතර කොවිඩ් වෛරසය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා බස්නාහිරට ඇතුළුවන හා පිටවන පුද්ගලයින්ට ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙමින් ඇත. පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අංශ විසින් ජනතාවට අනුගමනය කල යුතු නිර්දේශ රැසක් ප්‍රකාශයට පත් කර තිබුණි. එම නිවේදනයට අනුව රාජ්‍ය සහ පුද්ගලික ආයතන සේවකයන් ආයතනයට ගෙන්වාගත යුතු සිමාවන් සහ ආකාර ඇතුළත් කර තිබු අතර ජනතාව පොදු ස්ථානවල ගැවසීම සිමා කිරීම උදෙසා විවිධ නීති රීති එම නිවේදනයට ඇතුලත් කොට ඇත. විශේෂයෙන්ම වෛරස් ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා පොදු මහජනතාවගේ සහය රජය දැඩිව අපේක්ෂාකරමින් සිටී. වත්මන් තත්වයන් හමුවේ රට මුළුමනින්ම වසා දැමීමේ තීරණයකට යෑම ආර්ථික අර්බුද උග්‍රකරන පියවරක් විය හැකිබව ද රජයේ මතය වියහැකි බව පෙනෙන්නට තිබේ.

මේ සියල්ල මෙලෙස සිදුවෙද්දී විපක්ෂය නිරන්තරයෙන් රජයට චෝදනා නගමින් සිටි. විපක්ෂයේ ප්‍රබල චෝදනාව වන්නේ වෛරසය පැතිරීමට ප්‍රබල හේතුව ආණ්ඩුවේ මන්දගාමී ක්‍රමවේදයන් බවයි. එහෙත් එය එලෙසම පිළිගත නොහැක. විපක්ෂය වසංගතය මර්දනය වෙනුවෙන් දෙන සහය අවම හෝ රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම වෙනුවෙන් ඇතැම් ක්‍රියාමාර්ගවල නියැලෙමින් තිබෙන බවද පෙන්නුම් කරතිබෙන නිසා මෙම විපක්ෂ චෝදනා සැලකිල්ලට ගතහැකිද යන්න ප්‍රශ්නකාරීය.

1978 සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ විධායක ජනාධිපතිවරුන් හතක් බිහි විය .ඒ අතරින් 7වන විධායක ජනපතිධුරය හොබවන්නේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂය. එමෙන්ම මෙතෙක් බිහිවූ කිසිදු ජනාධිපතිවරයෙක් මුහුණ නොදුන් ඉතිහාසයේ බරපතල අර්බුද ගණනාවක් සමග සටන්කරමින් රටේ නායකත්වය දරන්න සිදු වූ එකම නායකයා ඔහු බවද අප විවාදයකින් තොරව පිළිගත යුතු සත්‍යයකි. ආර්ථික වශයෙන් රට මුහුණපා තිබෙන දැවැන්ත අර්බුදය සියල්ලට ඉහලින් තිබේ. එලෙසම පසුගිය යහපාලන රජයේ නොසැලකිලිමත්කම මත ජිවිත වලින් වන්දිගෙවීමට සිදු වූ මිනිසුන් 267කට සාධාරණය ඉටු කිරීමට වත්මන් රජයට සිදුව ඇත. එපමණක් නොව එවන් විපතක් නැවතත් සිදු නොවීමට බුද්ධි අංශ නැවතත් ශක්තිමත් කරමින් රටේ ආරක්ෂාවට වගවීමට ජනපතිවරයාට සිදු විය. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව නොවී ජිවිත වලින් වන්දි ගෙවූ 267ට සාධාරණයක් ඉටුවන අවසානයක් ගෙන දීමට ජනාපතිවරයා දැඩි උත්සහයක් ගනිමින් ඇති බව පෙනේ. තවත් අර්බුද රැසකි. මේ සියල්ල තුළ විලි ලැජ්ජාව අහිමි විපක්ෂයට අමතක වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවන විට තම පරපුර රජකම් කළ බවය.

කෙසේවෙතත් නැවතත් රට කොවිඩ් තෙවන රැල්ලටත් දරුණු ලෙස මුහුණ පෑමට සිදුව ඇති නිසා රට යළි බරපතල අර්බුදයකට ලක්ව ඇත. නමුත් අප සතුටු විය යුත්තේ දරුණු ව්‍යයසනය හමුවේ ලොව බොහෝ රටවල් අකර්මන්‍ය වෙද්දී ශ්‍රී ලංකාව තවමත් කෙලින් කටින් සිටගත හැකි තත්වය රැකගැනීමට සමත් වීමගැනය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින බොහොම පුංචි රටක් තුල මෙම වෛරසය පැතිරීම වළක්වලිමේදී ගත යුතු ක්‍රියාමාර්ග අතර ඇතැම් ක්‍රියාමාර්ග ගැනීමට රටක් විදියට නොහැකි බව අප පිළිගත යුතුය. එහෙත් ඒ වෙනුවෙන් ගත හැකි උපරීම පියවරයන් අද ක්‍රියාත්මකය.

වසංගතයට පිළියම එන්නත් කිරීම පමණක් බව දැන් පැහැදිලිය. එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භකර එය මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතී. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම් ලෝකය අවුරුදු 60ට වැඩි වයස්ගත පුද්ගලයන් අත්හරින විට, ලංකාව කොවිඩ් එන්නත්කරණයේදී අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඒ සදහා අවස්ථාව ලබාදීමයි. ලංකාවේ රෝහල් තුළ කිසිදු භේදයකින් තොරව මෙම වෛරසය වැළදුන පුද්ගලයන්ට ජිවය ලබා දීමට අවශ්‍ය සියලු ප්‍රතිකර්ම සිදු කරයි.

රට වසන්නට යැයි බොහෝ පිරිස් යෝජනා කළද එය ප්‍රයෝගික නැත. එය විසඳුම නොවේ. රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් ආයතන වසා දැමිය නොහැක. වෙළඳපොළ වසාදැමිය නොහැක. ඒ කොහොම වුවත් අපට තවත් කොතරම් කාලයක් මේ වසංගතය සමග ජිවත් වීමට වේදැයි අප කිසිවෙක් නොදන්නෙමු. වසංගතය ලොවෙන් තුරන්වන තෙක් අපට මෙම වසංගතයට අනුගත වෙමින් ජිවත් වීමට සිදුවෙනු ඇත. එහෙත් වසංගතයෙන් බේරී සිටීමට, එය තවදුරටත් ව්‍යාප්තවීම වැලැක්වීම අපට කළ හැකි දේ බොහෝය. අද අපගේ වගකීමක් ලෙස එය ඉටුකිරීමට සිදුව තිබෙන බව අප පිළිගත යුතුය.

-පංචාලි

Leave a comment

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us