subash

subash

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) දිනයේදී ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය ගැන බරපතල විවේචනාත්මක අදහස් ගොන්නක් මේ වන විටත් සමාජ ගත වී තිබේ. ඒ අතර මේ වෙනුවෙන් යොදාගත් ආකෘතිය, රූපවාහිනි තාක්ෂණික ප්‍රයෝගයන් ගැන කතාවට ගතකළ කාලය..කතාවේ අන්තර්ගතය.. ආදී වශයෙන් විවිධ පැතිකඩයන්ගෙන් විවේචන එල්ල වී ඇත. මේ සියල්ලම පාහේ වැදගත් දේය.

එන්නත් ලබාදීම හඳුනාගත් රෝහල් මගින් සිදුකිරීම සඳහා වූ යෝජනාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

පසුගිය යහපලන ආණ්ඩු සමයේදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය සම්බන්ධ වැඩ සටහනේ නියමුවා වූ 'වසවිස නැති රටක් ජාතික වැඩසටහන උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ හිටපු සභාපති, අශෝක අභයගුණවර්ධන මහතා' වත්මන් රජය විසින් රසායනික පොහොර භාවිතය මුලුමනින්ම තහනම් කරමින් ශ්‍රී ලංකාව රසායනික පොහොරවලින් තොර ලොව පළමු රට බවට පත්කිරීම වෙනුවෙන් දියත්කර තිබෙන වැඩසටහන ජයගත හැකි බව පෙන්වා දෙයි.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණයක් සමඟ අවම 40%කින් පමණ කෘෂි නිෂ්පාදන පහත වැටෙන තත්ත්වයක් මතුව ඇති බවත් එවැන්නක් සිදුවුවහොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකි හෙයින් එය රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද විය හැකි නිසා නිසා මෙම කාරණයට අදාළව සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙස සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රජයෙන් සිටියි.

සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එම නිවේදනය පහතින්….

school

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Connet With Us