subash

subash

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේනවා.

සමස්තයක් ලෙස දිවයිනෙන්ම කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් පවතින බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර ඇත. ඇය සඳහන් කළේ සංචරණ සීමා පැනවීමත් සමග මෙලෙස කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බවය.

යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ ආරම්භ කර තිබේ.

කිරිපිටි ආනයනික සමාගම් විසින් ආනයනික කිරිපිටි මිල වැඩි කරන ලෙස පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේනවා.

තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද (17) සහ හෙට (18) යන දෙදින තුළ විවෘත කර තැබීමට පියවර ගෙන ඇත.

ගෑස් සිලින්ඩර් සඟවා තබාගෙන සිටින ව්‍යාපාරික ස්ථාන ති‌බේ නම් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරියට දැනුම් ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔන්ලයින් ක්‍රමය මගින් මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාවගෙන් ණය අය කර ගැනීමේ දී ඔවුන් මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව “සූර්ය බලශක්ති” උත්පාදනය වැඩිකර, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම වේගවත් කිරීමට පියවර ගැනේ.

Connet With Us