subash
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන, එළඹෙන පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතය.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සතු අලි පැටවා නීතියට පටහැනිව ලබා ගත් එකකු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විගණන විමසුමක් මගින් හෙලිදරව් වී ඇත.
නිට්ටඹුව ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි වෛද්‍යවරියක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පෞද්ගලික මෝටර් රථයෙන් ඇය අධිකරණය වෙත රැගෙන යෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.
ඌව පළාත් සභාවට තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයෝ අද (03) බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී සිය නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූහ.
උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ බහු භාර්යා චිත්‍රපටයේ සංගීතා වීරරත්න රඟපෑ අඩනිරුවත් දර්ශන සම්බන්ධයෙන් නැවත කතා බහක් මතුව ඇතැයි වාර්තා වෙනවා.
2011 වසරේ සිට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් ධුරයේ කටයුතු කල මල්ලිකා සමරසේකර මහත්මිය පසු ගිය 28දා විශ්‍රාම ගැනීම නිසා පුරප්පාඩු වූ එම ධුරයේ වැඩ බැලීම සඳහා ආර්.එම්.ආර්. වසන්ති මන්චනායක මහත්මිය පත්වී තිබේ.
කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසකට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරී බව කියන ප‍්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ, පානදුර වලාන දුෂණ මර්දන ඒකකය කළ විශේෂ වැටලීමකදිය.
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලනය තරුණ පරම්පරාවට භාරකිරීමේ කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
පැහැරගැනීමට ලක්ව පොලීසිය සොයාගනු ලැබූ ගල්ගමුවේ දිනිඳු යෂේ්න් දරුවා අද (03දා) ජනපති මන්දිරයට පැමිණියේය.
පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාවට තරග කිරීමට සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලණුවක් කා තිබෙන බවත් ඌව පළාත් සභාවෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවත් ඉතිරවන්නේ විපක්ෂ නායකකම පමණක් බවත් වයඹ මහඇමති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
