විනිසුරු ළඟ හොර අලියෙක්!

Published in පුවත්
Monday, 04 August 2014 09:34

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සතු අලි පැටවා නීතියට පටහැනිව ලබා ගත් එකකු  බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විගණන විමසුමක් මගින් හෙලිදරව් වී ඇත.

විමසුම් අංක TH/L/2013/VV02 දරණ 2014 ජූලි 22 දින සහිතව වනජීවී සම්පත් සංරක්ෂණ අධිකාරියේ ලේකම්වරයාට යවන ලද විගණන විමසුමට අදාළව විගණකාධිපති දෙපාර්තමේන්තුව නීති විරෝධී යැයි සැලකූ අලි පැටවුන් 4 දෙනෙකුගේ ලිපි ගොණු පරීක්ෂා කර ඇත.

අංක 331, 334, 358, 359 දරණ ලිපිගොණු අංක යටතේ අංක 334 ලිපිගොනුවට අදාළ තිලිණ ගමගේ මහතාගේ අලිපැටව් පිළිබඳ පරීක්ෂා කර ඇති අතර අලි පැටවුන් පිළිබඳ සහතික නිකුත් කර පශු වෛද්‍ය නිලධාරී, ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ විෂයභාර ලිපිකරුවන් ආදී විවිධ පුද්ගලයන්ගේ ප්‍රකාශ ද සටහන් කරගෙන ඇත.

ඉහත ගවේෂණයට අදාළව තිලිණ ගමගේ මහතා සතු අලි පැටවාගේ ලිපි ලේඛන ව්‍යාජ ලිපි ලේඛන බව තහවුරු වී ඇති අතර 2012 ඔක්තෝම්බර් 26 වෙනි දිනැති අංක VV5/1/1-334 ලිපිය මගින් වැඩබලන අධ්‍යක්ෂකවරයා මෙම බලපත්‍රය අවලංගු කර ඇති බවද හෙලි වී ඇත.

පසුව වත්මන් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා 2013 දී නැවතත් බලපත්‍රය ලබාදී ඇත. 

මෙම තොරතුරු සියල්ල ඉහත කී විගණන විමසුම් වාර්තාව හෙලිදරව් කර ඇත. එම වාර්තාවට අදාළව තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා මෙන්ම අනෙක් අලි පැටවුන් 3 දෙනාද නීති විරෝධී ක්‍රමයට බලපත්‍ර ලබාගෙන සන්තක කර ගෙන ඇති බව සනාථ කර ගෙන ඇත.

මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් උදය වික්‍රමසිංහ මහතාගෙන් කරුණු විමසීමේදී ඒ මහතා තමන්ට එවැනි විගණන විමසුම් වාර්තාවක් ලැබුණ බව සනාථ කලේය. එයට තම අමාත්‍යංශය සති දෙකක කාලයක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු යැයි ප්‍රකාශ කළ අතර එය කිරීම සඳහා එය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට යොමුකළ බවත් පැවසීය.

මේ පිළිබඳව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ විමුක්ති වීරතුංග මහතාගෙන් කරුණු විමසීමේදී මෙම වාර්තාවෙන් හෙලිවන කරුණු මත ලංකවේ නීති අංශ ගන්නා පියවර දෙස තමන් විමසිල්ලෙන් බලාසිටින බවත් මේ සඳහා වනජීවී අධ්‍යක්ෂක ජෙනරාල් වගකිවයුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.


(රාවය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us