කුඩු බෙදන මහමොළකරුවන් 3ක් කොටුවේ

Published in පුවත්
Sunday, 03 August 2014 18:08

කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසකට මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු බෙදාහැරී බව කියන ප‍්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  ඒ, පානදුර වලාන දුෂණ මර්දන ඒකකය කළ විශේෂ වැටලීමකදිය.

සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත්තේ  කොළඹ ඩාර්ලි පාරේ පෞද්ගලික රථ ගාලක් අසලදීය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු ත‍්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී පළමුව අත්අඩංගුවට ගෙන ඇත.

 ඔවුන් සන්තකයේ තිබී සොයාගත් මත්කුඩු ප‍්‍රමාණය ග‍්‍රෑම් 25ක්වේ.

පසු කළ ප‍්‍රශ්න කිරීම්වලදී ජාවාරමට සම්බන්ධ අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට පත්ව ඇත. ඔහු සන්තකයේ ද තිබී මත්කුඩු ග‍්‍රෑම් 25ක් සොයා ගත් බව පානදුර වලාන දුරණ මර්දන ඒකකය කියා සිටියි.

 අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 05කි.
වයස අවුරුදු 23ත් 58ත් අතර පසුවන සැකකරුවන් මාලිඟාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වේ.

 එක් අයෙකුගේ නිවසේ තිබී මත්කුඩු කිරීම සඳහා භාවිත කරන ඩිජිටල් තරාදියක් ද සොයාගෙන ඇත.  වැඩිදුර පරික්‍ෂණ සඳහා සැකකරුවන් මරදාන පොලිස් ස්ථානය වෙත අද උදෑසන භාරදී තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us