චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.

නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(27) පැවැත්වීමට නියමිතව තිබේ.

රාජ්‍ය සේවකයින් සඳහා අවම 20,000 ක වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද(27) දිනයේ ජාතික විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරෙන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව පවසයි.

මහ කන්නයේදී ගොවි ජනතාවට ලබාදෙන බණ්ඩි පොහොර (MOP) මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

ලබන මාසය වන විට රට බංකොලොත්භාවයෙන් නිදහස් වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, ඇතුළු නියෝජිතයින් 80 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ද ලබන සතියේ එක්සත් ජාතීන්ගේ පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP28) සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නුවර වෙත යෑමට නියමිත බව වාර්ථා වේ.

Connet With Us