අඩු ආදායම්ලාභීන්ට කුලී පදනම මත ලබා දී ඇති නිවාසවල කුලිය අය කර ගැනීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම නතර කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේ දී ඊයේ (29) පැවසීය.

රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට සමඟි ජන බලවේගය නායකත්වය ගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බව වාර්තාවේ.

ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු සඳහා මෙරට නියෝජිතයන් 80 ක් පමණ සහභාගී වීමට නියමිත අතර මේ වෙනුවෙන් සහභාගී වන දේශපාලන නියෝජිතයන් වන්නේ අමාත්‍ය අලි සබ්‍රි,අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල,අමාත්‍ය කාන්චන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරමින් චම්පික රණවක හා අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රීවරුන්ය.

 

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 59ක් (රුපියල් කෝටි 1941ක පමණ මුදලක්) වැය කළ විවාහ මංගලෝත්සවයක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යජාලා අතර කතාබහට ලක් වෙමින් තිබේ.

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර ජනගත කිරීම පසුගිය දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් සිදුවිය.

ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (වැඩබලන) පවසයි.
පොලිස්පතිවරයා පවසා සිටියේ,

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟ වූ බව වාර්තාවේ.

Connet With Us