ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සිංහ සමාජයේ ප්‍රධානත්වයෙන් බලපිටිය මූලික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් වෙනුවෙන් පහසුකම් සහිත වැසිකිළි ඉදිකිරීමට සූදානම් ව ඇතත් රෝහල් හෙදියන් සහ වෘත්තීය සමිතිවල ඇති විරෝධතාවය මත එහි ඉදිකිරීම් නතර වී ඇති බව බව බළපිටිය මූලික රෝහලේ රෝහල් අධිකාරි වෛද්‍ය අතුල ක්‍රිශාන්ත මහතා පවසයි.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර් 15 දිනට පෙර ලබා දෙන ලෙස  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස්  දුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඊ-බිල්පත් කෙටි පණිවුඩ සේවාව දැන් සිංහල හා දමිළ භාෂාවන්ගෙන් ලබා ගත හැකි බව එම මණ්ඩලය පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් (MICHAUNG) චණ්ඩ සුළි කුණාටුව ඊයේ (04) රාත්‍රී 11.30 වනවිට උතුරු අක්ෂාංශ 14.5 සහ නැගෙනහිර දේශාංශ 80.3 ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 520ක් පමණ උතුරු දෙසින් පැවතුණි. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර අද (05) දහවල් වනවිට දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ඉන්දියාවේ ගොඩබිමට ඇතුළු වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

"සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා 'මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ලෙස අභිමානයෙන් මියයාම' යැයි පවසා තිබුණේ, රනිල් සමඟ එක්ව ජාතික එකඟතාවකින් යුතු පුළුල් ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටින සජබ මන්ත්‍රීවරුන් පිරිස අතර පැවති සාකච්ඡාවකදීය.''

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ එක්ස් කිරණ X-ray යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසුවේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම් වැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීමෙන් වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන බව  බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා පවසයි.

Connet With Us