ඒ අනුව මිලියනයකට වැඩි සිවිල් වැසියන් රැකවරණය ලබන ඛාන්යුනිස් නගරය ආසන්නය ඊශ්රායල යුද ටැංකි පවා යොමු කර ඇති බවත් ගෙවුණු දිනය තුළ පමණක් ඝාතනයට ලක්වූ පලස්තීන සිවිල් වැසියන් ගණන 700කට අධික බවත් විදෙස් වාර්තා වල සදහන්ය.
ඊශ්රායලය, ගාසා වෙත ප්රහාර නතර නොකළහොත් යුද්ධය තවත් දිග්ගැසෙනු ඇතැයි ඉරානය අනතුරු අඟවන බවත් එම වාර්තාවල සදහන්ය.