එම පුද්ගලයින්ගේ සිරුරු විදාරණය වූ ගිනිකන්ද අසල තිබී හමුවූ බව විවෙදස් මාධ්‍ය පවසයි.
ඉන් තවත් 12 දෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන්ව සෙවීමේ මෙහෙයුම් දියත් කළත් එය අසාර්ථක වී ඇත. එම ගිනිකන්ද නැවතත් සුළු වශයෙන් විදාරණය වීම හේතුවෙන් අදාළ මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බවයි විදෙස් මාර්ග වැඩිදුරටත් සදහන් කළේ.
එම ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ කඳු නගින්නන් 75 දෙනෙක් පමණ ඒ ආසන්නයේ සිට ඇති අතර ඉන් බොහෝ දෙනෙක්ව බේරාගන ඇති බව ද එම වාර්තාවේ සදහන්වේ.