අවුකන ප්‍රතිමාවට සිවුරු පැලදවීම තුලින්  පිළිබිඹු වන්නේ වත්මන් සමාජයේ චින්තන පරිහානියයි  - ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

Published in පුවත්
Monday, 04 December 2023 14:53

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම් වැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීමෙන් වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන බව  බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා පවසයි.

ඒ මහතා පවසා සිටියේ ප්‍රඥාවන්ත සදාචාර මාර්ගයක් වන බුදු දහමට, අප රටේ බෞද්ධ සංස්කෘතියට මෙන්ම මූර්ති කලාව ඇතුළු සමස්ත කලා විෂයන් සඳහාම සිදු කළ බරපතල නිගරුවක් බවයි.

”අවුකන බුද්ධ ප්‍රතිමාව ආගමික කලාත්මක වගේම මානව විද්‍යාත්මක වශයෙනුත් අපේ අතීත සමාජමය තොරතුරු රාශියක් හමුවේ ලෝකය හමුවේ කියාපාන කැඩපතක්.ඒ හින්දා ඒක බෞද්ධ සංස්කෘතිය වගේම අපේ රටේ අතීත සමාජමය තොරතුරු ලෝකයා හමුවේ හෙළිකරන සන්නිවේදන කවුළුවක්.

ඉතින් අන්ධ භක්තිය හරි ජාවාරම්කාර චින්තනය මුල් කරගෙන හරි මේ වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් උඩට ඉනිමං තියලා නැඟලා ඒ නිර්මාණයේ ප්‍රකෘති ලක්ෂණ වසා දැමීම නීතිමය වශයෙනුත් බරපතල වරදක්.ඒ හින්දා මේ වන විට සුවිසල් අවධානයකට යොමු වෙලා තියන මේ ක්‍රියාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට නීතිමය දඬුවම් දිය යුතුයි. නැතිනම් මේ වගේ උත්තුංග නිර්මාණ වල අගය පහළ බසින අතරේ මෙවැනි හරසුන් නිසරු ක්‍රියා අනාගතයේ තවදුරටත් ප්‍රවර්ධනය වෙන්න පුළුවන්” ආචාර්ය ලක්දුසිංහ මහතා වැඩිදුරටත් කියයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us