News Items (18842)
සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ඓතිහාසික පියවරක්
සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මෙය ඓතිහාසික පියවරක් වෙනු ඇත. සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා මෙම යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවනු ලබන අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සංකල්ප පත්‍රිකාවක් ලෙස දැනට කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ පවතී.
‘යාල් නීලා’ සුඛෝපභෝගී දුම්රිය ගමනට රාජ්‍ය සේවකයන්ට වරමක්
ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ පවසයි.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.
ලබන වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනපති නැවත තහවුරු කරයි
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර් යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නොපැකිළිව පෙනී සිටීනවා - ඉන්දීයානු මහකොමසාරිස්
දීගු කාලීන මිතුදමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු අවස්ථාවක ඉන්දියාව නොපැකිළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීයානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.
විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.
විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන 900 ක් ආනයනයට පියවර
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගාසා ගැන සාකච්ඡා කරන්න ඒ.ජා මහලේකම් විශේෂ රැස්වීමක් කැදවයි
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමිනි.
ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩු කරනවා - ප්‍රසන්න රණතුංග
ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශ මාලාවක්
රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
