ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක්

Published in පුවත්
Wednesday, 29 November 2023 22:13

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  විසින් අද (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත.

අදාළ රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම සඳහා ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණු අතර එම මුදලින් රුපියල් මිලියන 100ක් මහරගම අපේක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහා එම අවස්ථාවේදීම ලබාදීමට පියවර ගැනිණි.
මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුළදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස් යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් ද මින් අනතුරුව සිදු කෙරිණි.
අමාත්‍යංශය විසින් මේවන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපතිවරයාව දැනුවත් කළේය.
මෙරට අවිධිමත් ආකාරයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදෙමින් ඔවුන්ද සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගැනීමට “ගරු සරු” වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් ඔවුන් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට ද සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරටට විදේශ ප්‍රේෂණ ගලා ඒම වර්ධනය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම්, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසහන් පිළිබඳවත් විදුලි මොටර් රථ ආනයනයට බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කිරීම පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නේය.

ගතවූ මාස 18 ක කාලය තුළ විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විදේශ ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් පියවර සහ රැකියා සඳහා පිටත්ව යන මගීන්ට ගුවන් තොටුපොළ තුළ වෙනම පර්යන්තයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය.
විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර නව රැකී රක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර ද ඇගයීමට ලක් කළේය.


Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us