ලොව ධනවත් පුද්ගලයන් දෙවනි තැනට පත් කළ 'සියවසේ විවාහය'

Published in විදෙස්
Wednesday, 29 November 2023 16:27

අමෙරිකානු ඩොලර් මිලියන 59ක් (රුපියල් කෝටි 1941ක පමණ මුදලක්) වැය කළ විවාහ මංගලෝත්සවයක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍යජාලා අතර කතාබහට ලක් වෙමින් තිබේ.

අමෙරිකාවේ දකුණු ෆ්ලොරීඩාහි පදිංචි 26 හැවිරිදි මැඩලින් බ්‍රොක්වේ සහ ඇගේ පෙම්වතා වූ ජේකොබ් ලැග්‍රොන් අතර පසුගියදා පැරිස් නුවරදී සිදු කළ එම විවාහ උත්සවය ‘සියවසේ විවාහය’ ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලොව ධනවත්ම පුද්ගලයන්, ලෝක ප්‍රකට නළුනිළියන් හා ගායක ගායිකාවන් දෙවැනි තැනට ඇද දමමින් මැඩලින් සහ ජේකොබ්ගේ අතිසුඛෝපභෝගී විවාහ මංගලෝත්සවයට ඩොලර් මිලියන 59ක් වැය කිරීම මේ දිනවල ජාත්‍යන්තර ප්‍රජාවගේ වැඩිම අවධානය දිනා ගැනීමට සමත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මනාලියගේ පියා අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ අලෙවි සමාගමක හිමිකරුවකු වන අතර, දියණියගේ විවාහයේ සම්පූර්ණ වියදම දරා ඇත්තේ ඔහු බව ද වාර්තා වේ.

අතිඋත්කර්ෂවත් ලෙස පවත්වා ඇති මේ විවාහ මංගලෝත්සවයට පැරීසියේ පිහිටි යුරෝපයේ විශාලතම මන්දිරය වන වර්සෙයිල්ස් මන්දිරයේ පෙරහුරු රාත්‍රී සාදයක්, තරු පහේ නිවාඩු නිකේතනයක ඉස්තරම් ආකාරයේ තනිකඩ උත්සව සතියක්, මනාල යුවළගේ මිතුරු මිතුරියන්ට සුපිරි දිවා ආහාර භෝජන සංග්‍රහයක්ද ඇතුළත් වූ බව වාර්තා වේ. අනතුරුව ඔවුන්ට තවත් සුපිරි හෝටලයක රාත්‍රී නවාතැන් ද සපයා ඇත. විවාහ උත්සවයට විවිධ මිල ගණන් යටතේ සැරසිලි අයිතමයන් වෙනත් ආයිත්තම් 119ක් ඇතුළත් වූ බවත්, එහි වටිනාකම අමෙරිකානු ඩොලර් 28 සිට දසදහස දක්වා පරාසයක තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. වික්ටෝරියා සම්ප්‍රදායට අනුව ආහාර වට්ටෝරු ඇතුළු විවිධ වර්ගයේ ආහාරපාන ඉහළ මිල ගණන් යටතේ සපයා තිබූ බවත්, විශාල වාදක පිරිසකගෙන් සමන්විත වාදක වෘන්දයකින් ද විවාහ මංගලෝත්සවය වර්ණවත් වූ බව වැඩිදුරටත් සඳහන් වේ.

Last modified on Wednesday, 29 November 2023 16:27

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us