News Items (18842)
විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනා භාරදීම සඳහා අද (17) දක්වා කාලය ලබාදෙන ලෙස විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තාවේ.
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කටු මැටි නිවසේ දිවි ගෙවූ තුන් නිවුන් දරු මවට කඩිනමින් නිවසක්
තුන් නිවුන් දරු උපතක් බිහි කළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි ගැසූ නිවෙසක ජීවත් වන ගිහානි සුපේෂලා කුමාරිට කඩිනමින් නිවෙසක් සාදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.
SriLankan Cargo හා CargoAi එක්වෙයි! පාරිභෝගිකයින්ට පහසුකම් රැසකුත්...
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව තිබේ.
මැතිවරණ කොමිසම නිශ්චිතව ඡන්දය පවත්වන දිනය දැනුම් දුන් විගස ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලය විසින් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අද ලියන්න යන්නේ Max Park නැමැති Speed cubing ලෝකයේ අසම සම රජු ගැන. Speed cubing කරන හැමෝම කථා කරන කෙනෙක් තමයි Max park. ඔහු තමයි 3x3x3 අඩුම කාලය ලෝක වාර්තාව 3.134 හිමිකම් කියන්නේ.
අසූචි මිශ්‍ර අපජලය මහවැලි ගගට දාලා..ලොකු ප්‍රශ්නයක් !
දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පවසයි.
දවසකට අයිස් ග්‍රෑම් 500ක් හදන්න චුන්නාගම් අයිස් කම්හල සැලසුම් කරලා
යාපනයේ, චුන්නාගම් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනාගාරයෙන් දිනකට එම මත්ද්‍රව්‍ය ග්‍රෑම් පන්සීයක් නිපදවීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි යාපනය දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් විශාන්ත මහතා පැවැසීය.
