මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් ය.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සීටියේ එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බවය.
කෙසේ වෙතත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුකාරී ත්ත්වයන් රැසක් වරින් වර වාර්තා වී තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම ප්‍රකාශකයා සඳහන් කළේ අදාළ සිදුවීම් සඳහා මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බවය.