SriLankan Cargo හා CargoAi එක්වෙයි! පාරිභෝගිකයින්ට පහසුකම් රැසකුත්...

Published in පුවත්
Friday, 17 May 2024 07:36

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව තිබේ.

එම හේතුවෙන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය (SriLankan Cargo), CargoAi ඩිජිටල් පද්ධතිය හා ඒකාබද්ධ කිරීම මඟින් පාරිභෝගිකයින් හට අන්තර්ජාලය හරහා වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් හැකියාවන් සඳහා ප්‍රවේශය ලැබෙන අතර, මේතුලින් ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ මෙහෙයුම් පුළුල් කිරීමටත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුලින් වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත් හැකියාව ලැබේ.

බහුවිධ ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ,මූල්‍ය ගනුදෙනුවල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් ගෙවීම් ක්‍රියාවලීන් විධිමත් කෙරේ. මීට අමතරව, CargoAi හි CargoWALLET පහසුකම ඇතුලු තවත් ඩිජිටල් පහසුකම් රැසක් පාරිභෝගිකයින් හට හඳුන්වාදීමට නියමිතයි.

එමෙන්ම බැංකු ඇපකරයක් සැපයීමට හෝ වාර්ෂික දායක මුදල් ගෙවීමට අවශ්‍ය නොවන අතර CargoMART පහසුකම මගින් සංකීර්ණතාවලින් තොරව හා පොදු කාර්ය පිරිවැය අඩු කිරීම තුලින් ගුවන් භාණ්ඩ ප්‍රවාහනකරුවන්ට කාර්යක්ෂමව සිය මෙහෙයුම් කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ.

“CargoAi සමඟ අපගේ හවුල්කාරිත්වය අපගේ ඩිජිටල්කරණ ගමනේ තවත් වැදගත් ස්ථානයක් සනිටුහන් කරනවා. විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙන්ම අපගේ පාරිභෝගිකයින් හට ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් කලින් වෙන්කරවා ගැනීමේ නව අත්දැකීම ලබා දීමට අපට හැකි වෙනවා. CargoAi හා එක්ව අපගේ වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමටත් පාරිභෝගිකයන් වෙත හොඳ සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. ” ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ ප්‍රධානී චමින්ද පෙරේරා මහතා පැවසී ය.

“ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo) සමඟ ඇතිකර ගත් අපගේ සහයෝගීතාවය ,ගුවන් භාණ්ඩ කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ අපගේ මෙහෙවරේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. ක්‍රියාවලි ක්‍රමවත් කිරීමට සහ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට තාක්ෂණය උපයෝගී කරගනිමින්, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේ වඩාත් කාර්යක්ෂම සහ තිරසාර අනාගතයක් සඳහා පහසුකම් සැලසීම අපගේ අරමුණයි. ” CargoAi හි ප්‍රධාන විධායක නිලධාරී Matt Petot මහතා නව හවුල්කාරිත්වය පිළිබඳව සිය සතුට පළ කරමින් පැවසී ය.

මෙම හවුල්කාරිත්වය මගින් සිය පාරිභෝගිකයින්ට කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම සඳහා ඉදිරියේ දී තවත් පහසුකම් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.
SriLankan Cargo

ශ්‍රීලංකන් කාගෝ මේ වනවිට යුරෝපය, මැදපෙරදිග, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාප රාශියක් වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සපයයි. තම හවුල්කරුවන් සමග එක් වී මාර්ගස්ථ ප්‍රවාහන පහසුකම්ද පිරිනමමින්, ශ්‍රීලංකන් ගුවන් සේවාවේ සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන රටවලින් ඔබ්බට පවා භාණ්ඩ ප්‍රවාහන සේවාවන් සැපයීමට ශ්‍රීලංකන් කාගෝ සමත් වී ඇත. එමෙන්ම විශිෂ්ට තලයේ ගබඩා පහසුකම් සහ අතිනවීන භාණ්ඩ හැසිරවීමේ යන්ත්‍රෝපකරණද සමගින් ශ්‍රීලංකන් කාගෝ, ගුවන් භාණ්ඩ ප්‍රවාහනයට අදාළ සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබාදෙන සේවා සම්පාදකයෙකු ලෙස ඇගයීමට ලක් වී තිබේ.

CargoAi

ගෝලිය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන ඩිජිටල් සේවා සැපයුම්කරු වන CargoAi සිය නවෝත්පාදනයන් හරහා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව හැඩයක් ලබා දීමට කටයුතු කෙරේ. කර්මාන්තයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන මෙම සමාගම, සංකීර්ණ ක්‍රියාවලියන් තුලින් තොර ප්‍රසම්පාදන, ගෙවීම් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් විසඳුම් ඉදිරිපත් කරයි. එහි නවතම පහසුකම වන CargoWALLET සමඟින්, රටවල් 150 කට වැඩි හා මුදල් වර්ග 47 කට ආරක්ෂිතව සහ ක්ෂණික ගෙවීම් කඩිනම් කිරීම සඳහා තාක්‍ෂණික පහසුකම් සලසා දෙයි. CargoTech හි සාමාජිකයෙක් වන CargoAi හි මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටුවා ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us