මහා භාණ්ඩාගාරයට ලැබී ඇති බදු මුදල් ප්‍රමාණය සලකාබලා අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයසුන්දර මහතා පැවසීය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම (මැයි 14) ඊයේ දින සිදුවිය.

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත ඉදිකිරීම් සිදුකර ගෙන ගොස් ඇත.

ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හංදිය, ඉබ්බන්වල හංදිය වැනි ප්‍රදේශවලදී මහජනතාව අපහසුවට පත්කරමින් විරෝධතා නොපවත්වන ලෙස දන්වමින් මාළිගාකන්ද අධිකරණය කේ.ඩී. ලාල් කාන්ත ඇතුළු පිහිප දෙනෙකුට නියෝගයක් නිකුත් කර තිබේ.

හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින්ම හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය "Lee Hsien Loong" සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.

මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

Connet With Us