මහරගම දැඩිගම, එංගලන්තයේ පෞරාණික හෝටලයක් මිල දී ගනී   Featured

Wednesday, 15 May 2024 12:22

Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් හෝටලයක් මිල දී ගෙන තිබේ. Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි ක්ෂේත්‍රවල නිරත සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි.

කොළඹ, මහරගම කේන්ද්‍රකරගෙන ඇරඹුන දැඩිගම ව්‍යාපාරික පවුලේ තුන්වැනි පරම්පරාවේ සාමාජිකයකු වන දැඩිගම සමූහ ව්‍යාපාරයේ වත්මන් සමූහ අධ්‍යක්ෂ රශ්මි දැඩිගම Lavendish Leisure සමාගමේ හිමිකරුවා වෙයි.

derbytelegraph.co.uk වෙත රශ්මි දැදිගම මෙසේ පැවසීය: “එක්සත් රාජධානියේ අපගේ දෙවන අත්පත් කර ගැනීම සනිටුහන් කරන මෙම විස්මිත කාල පරිච්ඡේදයේ හෝටලය භාර ගැනීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. හෝටලයේ පවතින කීර්තිය ප්‍රයෝජනයට ගනිමින් අපගේම මුද්‍රාවක් තැබීමට අපි බලාපොරොත්තු වෙමු.

එක්සත් රාජධානියේ Derby හි පිහිටි Cathedral Quarter Hotel නම් මෙම බුටික් හෝටලය නිදන කාමර 38 කින් සමන්විත වේ.

එක්සත් රාජධානියේ Derby හි වානිජ දිස්ත්‍රික්කය වන St Mary’s Gate හි පිහිටා ඇති මෙම බුටික් හෝටලය මීට පෙර පොලිස් ස්ථානයක් සහ කවුන්සිල මූලස්ථානයක් ලෙසින් භාවිතයට ගෙන ඇත.

2008 වසරේ දී The Finesse Collection විසින් එය බුටික් හෝටලයක් බවට පරිවර්තනය කර තිබෙන අතර එහි ඇති Victorian mosaic floors, stained glass windows හා grand central staircase යනාදී අංගෝපාංගයන් සුරැකිව ආරක්ෂා කර ගැනීමට එහිදී කටයුතු කර තිබේ.

මෙය Lavendish Leisure විසින් අත්පත් කර ගනු ලැබූ එක්සත් රාජධානියේ දෙවැනි හෝටලය වන අතර ඊට ශ්‍රී ලංකාවේ හෝටල් හයක් ද අයත් වේ.

1950 දී ආරම්භ කරන ලද දැදිගම සමූහ ව්‍යාපාරය මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් වෙළෙඳාම සහ අපනයන, ආගන්තුක සත්කාර, දේපළ වෙළඳාම් සහ වැවිලි ඇතුළු විවිධාංගීකරණය වූ ව්‍යාපාරික පරාසයක ක්‍රියාකාරී වේ.

සමාගමේ වෙබ් අඩවියට අනුව, 2005 දී දැදිගම සමූහ ව්‍යාපාරය ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට පිවිසීමෙන් හෝටල් කළඹක ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර, වර්තමානයේදී, සමූහය විසින් උණවටුන, හංවැල්ල, දඹුල්ල සීගිරිය, කතරගම, අනුරාධපුර සහ තරු පන්තියේ හෝටල් 8 ක හිමිකාරීත්වය සහ කළමනාකරණය කරයි.

දැදිගම සමූහ ව්‍යාපාරයට දැනට රන් ණය උකස් මධ්‍යස්ථාන 200 කට අධික ප්‍රමාණයක්, මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනාගාර 15 කට අධික ප්‍රමාණයක් හිමි අතර කාර්ය මණ්ඩලය 2000 කට අධික සංඛ්‍යාවක් සේවයේ යොදවයි.

 

22

3333

dd

Last modified on Wednesday, 15 May 2024 12:45

Leave a comment

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us