ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කර සිටී.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව සම්බන්ධයෙන් මෙලෙස දුරවබෝධයක් ඇතිවීමට ප්‍රධාන කරුණක් නම් ප්‍රසිද්ධ වෙබ් මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය හරහා NSB බැංකුවේ ලාංඡනය ඇතුළත් ප්‍රවෘත්ති පළ කිරීමයි.
කෙසේ වෙතත් මහජනතාව වෙත දැනුම් දීමක් සිදුකරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ බව සඳහන් කරන අතර අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.