රටේ අපනයන ක්ෂේත්‍රය නංවන්න මහජන බැංකුවෙන් ලොකු පියවරක්!

Published in පුවත්
Wednesday, 15 May 2024 14:38

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම (මැයි 14) ඊයේ දින සිදුවිය.

මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මහජන බැංකුව මෙම හවුල්කාරීත්වය යටතේ දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළෙඳ මූල්‍ය විකල්ප ලබා දෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SMEs) සංවර්ධනය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා රජයේ පුළුල් ආර්ථික අරමුණු සමඟ පෙළගැසෙමින් ගෝලීය අපනයන වෙළෙඳපොළට ඒකාබද්ධ කිරීම අරමුණු කරයි. මහජන බැංකුව දැනටමත් දිවයින පුරා පිහිටි ශාඛා 747කින් සමන්විත පුළුල් ජාලයක් උපයෝගී කරගනිමින් උපාය මාර්ගිකව ශාඛා 7ක් හරහා අපනයන අංශයට විශේෂිත අපනයන මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

මෙම සහයෝගීතාව මහජන බැංකුවේ කාර්ය මණ්ඩලය සඳහා අධ්‍යාපනික මුලපිරීම් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එමගින් අපනයන වෙළෙඳපොළ අවශ්‍යතා සහ අපනයන අවස්ථාවන් පිළිබඳව ගනුදෙනුකරුවන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ගෝලීය වෙළෙඳපොළ අවස්ථා හඳුනා ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැලසීම මගින් සිය විශේෂඥතාව ලබාදෙමින් දායකත්වය ලබාදෙනු ඇත.

අවබෝධතා ගිවිසුම් උත්සවයේදී සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් ලෙස රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට අනුකූලව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගන්වමින් රටේ අපනයන ආදායම වර්ධනය කිරීමට මහජන බැංකුව දැඩි ලෙස කැපවී සිටින බවයි. අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාවය මගින් පෙනී යන්නේ මහජන බැංකුව අපනයන වර්ධනය සඳහා දරන උත්සාහයට තවත් උදාහරණයක් බව එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදි.

ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා පැවසුවේ “රටේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා අපනයන මූලික ආයෝජන ප්‍රවේශයක් අනුගමනය කිරීම වැදගත් වන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ විශාලතම පාරිභෝගික පදනමක් තිබෙන මහජන බැංකුව සමඟ ඇති සහයෝගීතාවයෙන් අපනයන හැකියාවන් විවිධාංගීකරණය කිරීමට සහ පුළුල් කිරීමට මෙම උත්සාහය මගින් විශාල ශක්තියක් ලැබෙන බවයි.

තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, විදේශ විනිමය ආදායම් ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීම සඳහා මහජන බැංකුවේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කැපවීම මෙම අබබෝධතා ගිවිසුම මගින් අවධාරණය කරයි.

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us