සිංගප්පූරුවේ දේශපාලන යුගයක් අවසන් වෙයි!

Published in විදෙස්
Wednesday, 15 May 2024 13:57

ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය "Lee Hsien Loong" සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.

වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතය.

සිංගප්පුරුව නිදහස් දේශයක් බවට පත්වූයේ 1965 දීය. එතැන් සිට මේ දක්වා වූ වසර 59ට එරට පාලනය කර ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණි.

ඔවුන් තිදෙනාම මහජන ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයින් ය.

එරට පළමු අගමැති වූයේ ලී ක්වාන් යූ ය. ඔහු වර්තමාන අගමැතිවරයාගේ පියා වන අතර සිංගප්පුරුව වසර 25 පාලනය කළ ඔහු සැලකෙන්නේ නූතන සිංගප්පුරුවේ නිර්මාතෘවරයා ලෙසට ය.

දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම බල හුවමාරුවත් සමගම එරට දේශපාලන නායකත්වය "ලී පවුලේ" සෙවනැල්ලෙන් මිදීමක් ලෙස දැක්විය හැකි බවයි.

එහෙත් වර්තමාන අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ ඡ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍යවරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුවට සති අන්තයේ මුහුණදුන් ලී, තමාට දුන් සහාය සම්බන්ධයෙන් සිංගප්පුරු වැසියන්ට සිය ප්‍රණාමය පුද කළේය.

"මම අන් සියලුදෙනාට වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නෑ. මම උත්සාහ කළේ සියලුදෙනාම මමත් එක්ක දුවන තත්ත්වයට ගෙන ඒමට...මම හිතන්නේ අපි ටිකක් සාර්ථක වුණා..."

- ada derana

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us