ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 8 ක් මරුට ! 60 කට තුවාල

Published in විදෙස්
Tuesday, 14 May 2024 11:07

ඉන්දියාවේ මුම්බායි නගරයේ සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.

මීටර 70ක දිගින් සහ, මීටර 50ක පළලකින් යුතු අදාළ දැන්වීම් පුවරුව කඩා වැටීමෙන් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.

දැන්වීම පුවරුව කඩා වැටී ඇත්තේ, නිවාස කිහිපයක් සහ ඉන්ධන පිරවුම් හලක් මතටයි.

සුන්බුන් අතර තවත් පුද්ගලයින් 20 දෙනෙක් පමණ සිරවී ඇතැයි සැක පළ කෙරෙනු ඇත.

ඊයේ මුම්බායි නගරයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ඇතැම් ස්ථානවල දූවිලි කුණාටුවක් ද හමා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය මත දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us