News Items (18842)
රිදියගම හැඩ කරමින් ඩෝරා සහ ලාරා පැටවුන් බිහිකරයි
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයට අලුතෙන් සිංහ පැටව් 6 දෙනෙකු මේ වනවිට එක්ව තිබේ.
කැඳවූ පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අහෝසි කිරීම තවත් ප්‍රමාද වේ. රුපියල් කෝටි 72 ක නාස්තියකුත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙතෙක් වියදම් කළ රුපියල් කෝටි 72 කට අධික මුදලක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉදිරියේදී ලුණු හිඟයක් ඇතිවීම වැළැක්වීමට ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් පමණ ආනයනය කිරීමට ලුණු සමාගම් රජයෙන් අනුමැතිය ඉල්ලා ඇත.
මන්ත්‍රී වැටුප, වරප්‍රසාද සහ මිථ්‍යාව - රජිත් කීර්ති තෙන්නකෝන්
අද දේශපාලනයේ ආකර්ෂණීය ම මාතෘකා හතර මන්ත්‍රී වැටුප, විශ්‍රාම වැටුප, නිල නිවාස හා වාහනයයි. අවාසනාවකට ප්‍රබන්ධ හා මිථ්‍යාව තුලින් ආලේප ගන්වා, මන්ත්‍රීවරුන්ට එරෙහිව වෛරය, විරෝධයක මතු කරන්නට එය භාවිතා කර ඇත. බලයට පත්වී මාසයක් ගත වන්නටත් පෙර, මේ ගැන ඇති මිථ්‍යාව සාකච්ඡාවට බඳුන් කළ යුතුය.
කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර තිබේ.
නිල ඇදුම් රෙදි නාස්තිය අඩු කරන්න පාසැල් ළමුන්ට ඇදුම් මසා දෙන යෝජනාවක්
පාසල් නිල ඇදුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇත.
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදාගැනීම තහනම් කිරීම හරිද?
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.
