පළිබෝධ නාශක online ගෙන්වීමට තිත තබන්න යයි

Published in පුවත්
Saturday, 07 December 2024 08:37

කතරගම දේවාලයට අයත් අක්කර 550 ක ඉඩමක් බදුගත් පෞද්ගලික සමාගමක් එම ඉඩම තෙවැනි පාර්ශ්වයකට බදු දීම නිසා අදාළ පෞද්ගලික සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වහාම අහෝසි කිරීමට තීරණය කර තිබේ.

ඉන්දියාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් නීත්‍යනුකූල නොවන පළිබෝධ නාශක විවිධ මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එන බවත්, ඒවා සීමා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කළ පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ප්‍රධානී කෘෂිකර්ම විද්‍යා ආචාර්ය ජීවනී මාරසිංහ, ඊට අදාළ නීති දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ද පැවසුවාය.

‘‘පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ යම් පළිබෝධ නාශකයක් මෙරටට ආනයනය කරන තැන සිට එය භාවිත කරන තැන තෙක් නීති සකස් කර තිබෙනවා. එලෙස ආනයනය කරන කෘෂි රසායනික ද්‍රව්‍යවල සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි ඒවා භාවිත කිරීමට අවසර දෙන්නේ. නමුත් එක් සාම්පලයක් පරීක්ෂා කරන්න රුපියල් 50,000 ක් විතර වියදම් වෙනවා. ඒ නිසා මෙරටට ගෙන එන සෑම කෘෂි රසායනික ද්‍රව්‍යයක්ම පරීක්ෂා කිරීමට අපහසු වී තිබෙනවා ’’ යැයි ඇය සඳහන් කළාය.

‘‘රටේ ගොවීන් විශාල පිරිසක්, හොර පාරෙන් ලංකාවට එන පළිබෝධ නාශක පාවිච්චි කරනවා. යම් වගාවකට පළිබෝධ නාශක ඉසිය යුතු මාත්‍රාව නිසි පරිදි නොදත් ගොවීන් තමන්ට හිතෙන පරිදි එම ද්‍රව්‍ය ඉසිනවා. මේ පිළිබඳව ග්‍රාමීය ගොවි ජනතාව දැනුවත් කළ යුතුයි. නිසි ප්‍රමිතියකින් තොරව නීති විරෝධී පළිබෝධ නාශක ද්‍රව්‍යන් මෙරටට ගෙන්වන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල් වැඩි කිරීමටත්, ඊට අමතරව සිර දඬුවම් නියම කිරීම දක්වාත් නීති දැඩි කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.’’ යනුවෙන් ද ජීවනී මාරසිංහ වැඩිදුරටත් සඳහන් කළාය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us