අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදාගැනීම තහනම් කිරීම හරිද? Featured

Friday, 06 December 2024 20:42

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි.

අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය.

"විශේෂයෙන් අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරය සඳහා යොදා ගැනීම අපි ජනවාරි 01 වැනිදා සිට නවත්වනවා. ඒ සඳහා වූ ගැසට් පත්‍රය බලාත්මක කිරීමට සියලු කටයුතු අපි යොදලා ඉවරයි.

මොකද පසුගිය රජයන් තුළින් අවුරුදු 7-8ක් තිස්සේ ඕක පස්සට දාදා හිටියා. අපි ගිය සතියේ තීරණයක් ගත්තා අපි ඒක පස්සට දාන්නේ නෑ අපි ජනවාරි 01 වැනිදා ඉඳලා මෙය බලාත්මක කරනවා කියන කාරණය."

කෙසේ නමුත් කුඩා දරුවන් වෙළඳ දැන්වීම් සඳහා යොදා නොගත යුතු බවට වන මතය දශක ගනනාවක් පැරණි මතයක් වන අතර වර්තමානය තුළ දී දරුවන් දැන්වීම් සඳහා යොදා නොගැනීම වෙනත් ප්‍රශ්න ගනනාවක් මතු කිරීම නිසා මෙම තහනම ක්‍රියාත්මක වන බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ ඇතැම් විශේෂිත කරුණු මත පමණි. විශේෂයෙන්ම සෞඛ්‍යමය තර්ජන ඇති විය හැකි කෘතිම ආහාර වර්ග, ලිංගිකමය තේමාවන් සහිත දැන්වීම් ආදී හඳුනාගත් ක්ෂේත්‍රයන් කිහිපයක් සඳහා ළමුන් යොදා නොගත යුතු බවට රෙගුලාසී පමණක් ක්‍රියාත්මක වේ.

කුඩා දරුවන් වෙනුවෙන් වන නිශ්පාදන සියල්ල සඳහා මෙම තහනම මෙරට දී ක්‍රියාත්මක වුවහොත් මාධ්‍ය ආයතන සඳහා ලැබෙන දැන්වීම් සහ දරුවන් ඉලක්ක කර වැඩසටහන් අනුග්‍රාහකත්වයන් හි විශාල අඩු වීමක් සිදු විය හැකි අතර ඒ පියවා ගැනීම වෙනුවෙන් සෙසු දැන්වීම් මිළ ගනන් ද ඉහළ යාම සිදු විය හැකිය. එමෙන්ම තරගකාරී වෙළඳපොළ තුළ මෙම තහනම නිසා සිය ඉලක්ක ගත පාරිභෝගිකයා වෙත පිවිසීමේ දී ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්වීම සිදු විය හැකිය.

මේ අනුව මෙම තහනම ක්‍රියාත්මක වීමේ දී සියළු දැන්වීම සඳහා අදාල වීම අනුවණ තීරණයක් විය හැකිය.

Leave a comment

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us