විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසමට

Published in පුවත්
Friday, 06 December 2024 08:57

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

අද දෙරණ කළ විමසීමකදී එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය.

පසුගිය ආණ්ඩුව සමයේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට යෝජනා වී තිබුණි.

එහෙත් 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද දිනයේ ඉදිරිපත් වන යෝජනාවෙන් ලබන වසරේ පළමු මාස 06 සඳහා වන ගාස්තු සංශෝධනය සිදුකෙරෙණු ඇති බව සඳහන් ය.

අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත එම යෝජනාව ලබන වසරේ ජනවාරි මස තුන්වන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට හැකියාව පවතී.

මේ අතර මෙම වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඔක්තෝබර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි.

එමඟින් 6%ක් පමණ විදුලි ගාස්තු පහළ යාමක් සිදුකිරීමට යෝජනාවී තිබූ බව වාර්තා විය.

එහෙත් ලබාදුන් එම යොජනාවලියේ පැවති ප්‍රධාන දෝෂ තුනක් පෙන්වාදුන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලය වෙත පැවසුවේ එය නිවැරදි කරමින් යෝජනාව ලබාදෙන ලෙසය.

ඒ සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව නොවැම්බර් මස 8 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට කාලය ලබාදුන් අතර ඔවුන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවන් නොවැම්බර් මස 22 දක්වා කල් ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළේය.

එහෙත් විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටීම හේතුවෙන් අද දිනය දක්වා එම කාලය දීර්ඝ කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා නොදුනහොත් ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකරන බව විදුලිබල මණ්ඩලය වෙත ලිපියකින් දැනුම්දී ඇත.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us