කැඳවූ පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා අහෝසි කිරීම තවත් ප්‍රමාද වේ. රුපියල් කෝටි 72 ක නාස්තියකුත් Featured

Published in පුවත්
Saturday, 07 December 2024 09:54

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙතෙක් වියදම් කළ රුපියල් කෝටි 72 කට අධික මුදලක් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව අපතේ යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ කැඳවා තිබූ නාම යෝජනා අහෝසි කර ඒ වෙනුවට අලුතින් නාම යෝජනා කැඳවීම ඊට හේතු වී ඇත.

මේ වන විට සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් පැරණි නාම යෝජනා අනුව සිදුකර ඇතැයිද ඒ සඳහා මුද්‍රණය කරන ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හා ඡන්ද පත්‍රිකා කිසිවක් නැවත නාම යෝජනා කැඳවීමකදී භාවිත කිරීමට නොහැකි යැයි මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක්  පැවසීය.

පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නැවත නාම යෝජනා කැඳවීමකදී මෙතෙක් කළ වියදම් ඵලදායී ලෙස ආපසු යොදා ගැනීමට නොහැකි යැයි මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයෙක්  පැවසීය.

2023 පළාත් පාලන ආයතන නාම යෝජනා අහෝසි කළහොත් එතෙක් වියදම් කළ මුදල්වල උපයෝගීතාව කෙබඳු දැයි  කළ විමසීමේදී එම කොමිෂන් සාමාජිකයා මේ බව කීය.

පළාත් පාලන ආයතන ඡන්දයට තැපැල් ඡන්ද විමසීම් දක්වා වන සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් මේ වන විට නිම කර ඇති නමුත් නාම යෝජනා නැවත කැඳවීමකදී සියලු කටයුතු අලුතෙන් ම ආරම්භ වන්නේ යැයි හෙතෙම අවධාරණය කළේය.

මේ අතර, මේ වනවිට වයස අවුරුදු 18 සම්පූර්ණ වූවන්ට ඡන්දය ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති නඩු විභාගයේ මීළඟ දිනය 11 වන දාට යෙදී ඇතැයිද ඒ සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයිද ඔහු කීවේය.

පළාත් පාලන මැතිවරණයේ කැඳ වූ නාම යෝජනා අහෝසි කර අලුතින් කැඳවීමට පසුගිය දා කැබිනට් තීන්දුවක් ගත් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව තවමත් බලාත්මක බැවින් ඒ අනුව පළාත් පාලන ඡන්දයට කැඳවූ නාම යෝජනා මත මෙතෙක් අනුගමනය කරමින් සිටි ක්‍රියාවලිය නතර කිරීමට මැතිවරණ කොමිසමට නොහැකි යැයි එම සාමාජිකයා පැවසීය.

ඒ අනුව, තවත් අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් කලින් කැඳවූ නාම යෝජනා අනුව ම මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට යනු ඇතැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේය.

මේ අතර, මැතිවරණ කොමිසමට සම්බන්ධ විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ නව නාම යෝජනා අනුව පළාත් පාලන ඡන්දය පැවත්වීමට ඉඩ ලැබෙනු ඇත්තේ, මාර්තු මස අග හෝ අප්‍රේල් මස මුල බව ය.

පළාත් පාලන ආයතන ඡන්ද විසීම සඳහා මේ වන විට රුපියල් කෝටි හැත්තෑ දෙකකටත් වැඩි මුදලක් වියදම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වියදම් වනු ඇතැයි අපේක්ෂා කළ රුපියල් බිලියන අටකට අධික මුදලකින් (රුපියල් 80,231,70,000.00) මෙසේ හැත්තෑ දෙකෝටි පනස්හය ලක්ෂ විසි දෙදහස් එකසිය හැත්තෑ අටයි සත තිස් හයක මුදලක් (රුපියල් 72,56,22,178.36) වියදම් කර ඇත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ  කළ විමසුමකට පිළිතුරු වශයෙන් මැතිවරණ කොමිසම මේ තොරතුරු හෙළිදරව් කළේය.

කෙසේ වෙතත්, අපේක්ෂිත මුදලින් රුපියල් බිලියන හතකට අධික මුදලක් (රුපියල් 729,75,47,821.64 ) මෙතෙක් වැය කර නැත.

පළාත් පාලන ඡන්දයේ කාර්ය මණ්ඩල වැටුප් සඳහා රුපියල් බිලියන දෙකකට වැඩි (2,170,800,000.00) වියදමක් ඇස්තමේන්තු කර ඇත.

එසේ ම, වාහන කුලී සඳහා රුපියල් මිලියන හයසිය විසි හතක් (627,000,000.00), ශුභසාධන වියදම් සඳහා රුපියල් මිලියන දෙසිය හැත්තෑ දෙකකට වැඩි මුදලක් (272,780,000.00) වැය වනු ඇතැයි අපේක්ෂා කර තිබේ.

පළාත් පාලන මැතිවරණ වියදම් ඇස්තමේන්තුවට අනුව තැපැල් කටයුතු සඳහා රුපියල් පහළොස් ලක්ෂ විසි නව දහසක් (15,29,000.00ක්) ද, විදුලිය වෙනුවෙන් රුපියල් හය කෝටි අසූ ලක්ෂයක (6,80,00,000.00) වියදම් ඇස්තමේන්තුවක් සඳහන් වේ.

ඡන්දපොළ සේවා සඳහා රුපියල් මිලියන දෙසිය ‍දොළහකට වැඩි මුදලක්, (212,150,000.00) ක්ද, නවාතැන් හා ගොඩනැගිලි කුලී සඳහා රුපියල් මිලියන 14ක මුදලක් (14,800,000.00) වැය වෙතැයි දක්වා ඇත.

පළාත් පාලන මැතිවරණ නීති විරෝධී ප්‍රචාරණ ඉවත් කිරීම් සඳහා රුපියල් මිලියන පනස් පහකට වැඩි මුදලක් (55,950,000.00)ක් මුදලක් වියදම් වන බව ඇස්තමේන්තු කර තිබේ.

පළාත් පාලන ආයතන 341ක් සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාම යෝජනා කැඳවනු ලැබූ අතර ඊට අපේක්ෂකයෝ 80,672ක් ඉදිරිපත් වූහ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටියහ.

 

– රවිශාන් ප්‍රනාන්දු
ඉරිදා මව්බිම

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us