ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.
කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව මෙහෙයවන ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයට පෙර විදුලි බිල් වැඩි වීම පිළිබඳ බරපතල විරෝධයක් පැවැතුන රනිල් වික්‍රමසිංහ පාලනයට එරෙහිව ගෙන ගිය අතර ඔවුන්ගේ පාලන සමයකදී විදුලි බිල් අඩු කිරීම සිදු කරන බවට දැඩි පොරොන්දුවක් දී තිබිණි.