සහල් ආනයනයෙදී නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දමයි Featured

Published in පුවත්
Saturday, 07 December 2024 08:18

ඉන්දියාවෙන් මෙරටට සහල් ආනයනය කිරීමේ දී නැව් සමාගම් බහාලුමකට අය කරන නැව් ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය අතහැර දමා ඇත.

සහල් අර්බුදයට පිළියමක් ලෙස ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට මේ මස 20 වැනිදා දක්වා සහල් ආනයනය කිරීමට රජය අවසර ලබා දී තිබේ. කඩිනමින් සහල් ආනයනය කිරීම ආරම්භ කිරීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙරටට බහාලුමක් ආනයනය කිරීමේ දී අය කරන ලද ඩොලර් 300 ක නැව් ගාස්තුව ඩොලර් 600 ක් දක්වා ඉහළ දැමීමට නැව් සමාගම් කටයුතු කර ඇත.

නැව් ගාස්තු ඉහළ දැමීම නිසා එක් බහාලුමකට රුපියල් 90,000 ක අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. ඒ අනුව මේ මස 20 වැනිදාට පෙර සහල් බහාලුම් 2,500 ක් ආනයනය කිරීමට නියමිත වූවද, සහල් ආනයනය සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබීමත්, සහල් ආනයනයේ දී කිලෝවකට රුපියල් 65 ක බද්දක් අය කිරීමත්, නැව් ගාස්තු ඉහළ යෑමත් නිසා සහල් ආනයනය කිරීමේ දී පාලන මිල ද ඉක්මවා යනු ඇතැයි ද ආනයනකරුවෝ පවසති.

එමෙන්ම සහල් ආනයනය කිරීමේ අවසන් දිනය වන්නේ මේ මස 20 වැනිදා නිසා, සහල් ආනයනික නැවක් මෙරටට පැමිණීමේ දී එදින මධ්‍යම රාත්‍රිය ඉක්මවා ගියහොත් ආනයනික සහල් තොග ආපසු හරවා යැවීමට සිදුවීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවීමේ අවදානමක් පවතින බව ද ආනයනකරුවෝ කියා සිටිති. මෙම තත්ත්වය යටතේ මෙරටට ඉන්දියාවෙන් සහල් බහාලුම් 400 ක්වත් ආනයන නොකෙරෙනු ඇතැයි ද ආනයනකරුවෝ පවසති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us