News Items (18842)
පාසැල් ගුරුවරුන්ට ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක්
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
උත්සව සමය සඳහා නෙළුම් කුළුණ පරිපාලනය විසින් සිය සේවා කාලය දීර්ඝ කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපල ලැබේ. ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ෆිච් රේටින් සමාගම පවසයි.
වෙළඳපොළේ මාළු මිල ගණන් යළි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
අද (21) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
පිරිමින් 50කට බිරිය දූෂණය කිරීමට දුන් පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයෙන් වසර 20ක සිරදඬුවමක්
දශකයකට වැඩි කාලයක් පුරා පිටස්තර පිරිමින් 50 දෙනකුට සිය බිරිය දූෂණය කිරීමට ඉඩ සලසා එය වීඩියෝ ගත කර නිල් චිත්‍රපට වෙබ් අඩවියකට අලෙවි කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයකුට ප්‍රංශ අධිකරණයකින් වසර 20ක උපරිම සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අල් ෂාරා ගෙන් ප්‍රකාශයක්
සිරියාවෙන් ජාත්‍යන්තරයට තර්ජනයක් නැති බව බෂාර් අල් අසාඩ්ගේ රජය බිඳ දමා සිරියාවේ පාලනය අත්පත් කරගත් එරට ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායක අහමඩ් අල් ෂාරා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් වසර 37ක සිරදඬුවමක්
ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට වසර 37ක සිරදඬුවමක් එරට අධිකරණය විසින් නියමකර තිබේ.
මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි 7ක් පනවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබුනා.
