ජාතික ජන බලය ප්‍රමුඛ නව රජය ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයට ගෙන යාමේ සැලසුම නවතා දමා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දූත පිරිස සිය තෙදින ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශය පවසයි.

2024 වසරේ දෙසැම්බර් 14 දක්වා කාලසීමාව තුළ අධිවේගී මාර්ගවල සිදුවූ මාරක රිය අනතුරු 12කින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ, ලබන 2025 වස‍ර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6000- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බවයි.අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කළා.

ජන හා නිවාස සංගණනයට අදාළව ‘හිසට වහළක් නොමැති ජනතාවගේ’ තොරතුරු සංගණනය අද (18 වැනිදා) රාත්‍රි සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්න පැවැසුවාය.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා මුදලින් කජු කන බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (18) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Connet With Us