සුදුසුකම් සහිත අලුත් කතානායකවරයෙක් තෝරා ගැනීම අද  

Published in පුවත්
Tuesday, 17 December 2024 09:21

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස පත්වූ අසෝක සපුමල් රන්වල මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා කථානායකවරයකු පත්කර ගැනීම (17) පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 9.30 ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර එහිදී ප්‍රධාන කටයුත්තක් ලෙස කථානායකවරයකු පත් කර ගැනීම සිදුවේ. පාර්ලිමේන්තුව අද රැස්වීමෙන් පසුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරුන් දිව්රුම් දීමෙන් පසුව කථානායකවරයා පත්කර ගැනීම සිදුවේ.

නව කථානායක ධුරය සඳහා එක් මහජන නියෝජිතයකුගේ නමක් පමණක් යෝජනා වුවහොත් එම මහජන නියෝජිතයා කථානායක ධුරය සඳහා පත්වන අතර යම් හෙයකින් නම් දෙකක් යෝජනා වුවහොත් රහස් ඡන්ද විමසීමක් සිදුවේ.

කථානායක ධුරය සඳහා නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ නිහාල් ගලප්පත්ති යන මහජන නියෝජිතයින් කිහිපදෙනකුගේ නම් යෝජනා වී ඇති බව ද වාර්තා වේ.

කථානායකවරයා ලෙස කටයුතු කළ අසෝක රන්වල මහතා සිය ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකරමින් පසුගිය 13 වනදා ඉල්ලා අස්විය. අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය වෙත ලිඛිතව දැනුම් දී තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කථානායක, නියෝජ්‍ය කථානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස්වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මඟින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම සිදු කර ඇත.

එමෙන්ම සමගි ජන බලවේගය විසින්ද කථානායක ධුරය සඳහා නමක් යෝජනා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us