ජනවාරි සිට පාසැල් ළමුන්ට රු, 6000 ක දීමනාවක් - හරිනිගෙන් පොරොන්දුවක්

Published in පුවත්
Wednesday, 18 December 2024 08:10

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ, ලබන 2025 වස‍ර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6000- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බවයි.අද පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශ කළා.

පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් අග්‍රාමාත්‍යවරිය මෙහි දී සඳහන්කර සිටියේ, 55%කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී ඇති අතර ග්‍රාමීය හා වතුපාසල් ආශ්‍රිත ව මේ තත්වය වඩාත් උග්‍ර අතර ඉන් 53%කට අධික දරුවන් සංඛ්‍යාවක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බවත් 26% ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇති බවයි.

අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, එම ආර්ථික දුෂ්කරතා මගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කර ඇති අහිතකර බලපෑම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් රජය මෙම මූල්‍ය දීමනාව ලබන වසර මුල සිට ම සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බවත් දැනට ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වන බවයි.

මේ සඳහා වයස අවුරුදු 5ත් - 18ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බවත් ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවත් කී ඇය අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් වඩාත් ප්‍රශස්ථ ක්‍රමවේදයක් සකසා මෙම දීමනාව සිසුන්ට ලබා දෙන බවයි පවසා සිටියේ.

හරිනි අමරසූරිය පවසා සිටියේ, මීට අමතර ව පාසල් දිවා ආහාර වැඩසටහන වැනි ‍දැනට පවත්නා වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදු කරමින් දරුවන් පාසල තුළ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us