පොලී බද්ද වැඩි කිරීමෙන් රට අනතුරකට - බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් Featured

Published in පුවත්
Friday, 20 December 2024 09:02

05%ක්ව පැවැති බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද (Advance Income Tax-AIT) 10% ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජනතාව ඉතුරුම්වලින් ඈත්වීමේ තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ කියා සිටිති.

මෙරට මිලියන 22 වන ජනගහනය අවම වශයෙන් ඉතුරුම් ගිණුම් හෝ කුමන ආකාරයේ ගිණුම් මිලියන 16 ක් බැංකු, මූල්‍ය ආයතනවල පවත්වාගෙන යන්නේය.

බැංකු පොලිය මත අයකරන 5% ක රඳවා ගැනීමේ බද්ද ඉකුත් වසරේ (2023) සිට බැංකු ගිණුම්වලින් කපා ගන්නේය.

මෙම බද්ද පැනවූ මුල් කාලසීමාවේදී විශාල බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබුණද මේ වසරේ (2024) අග වන විටදී එම ආදායම අඩකින් පමණ අඩුවී ඇතැයි අනාවරණය වේ.

ඊට හේතුවී ඇත්තේ බැංකු පොලියෙන් අය කරන මෙම බද්ද නිසා බොහෝ දෙනකු සිය බැංකු ගිණුම්වල මුදල් තැන්පත් නොකිරීමය.

මෙලෙස බැංකු පොලිය මත අය කරන බද්ද ඉහළ දැමීම නිසා බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් පවතින බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මේ අතර මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළේ

ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැඳවුම් බද්ද සියයට 5 කින් ඉහළ දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇති බවය.

එම නිසා වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් දිනෙන් දින ජනතාව ආර්ථික වශයෙන් සිරකරුවෝ කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු බවද ඇය සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us