අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු අද (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 22 April 2026 09:00

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

හැටන් දික්ඔය ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆොඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව සඳහන් වෙයි.

දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ 2026 අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.

ජපානය යළි දරුණු භූකම්පනයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාම පාගමන සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වී තිබේ.

Connet With Us