අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.

ලංගම බස් ගාස්තු සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහිත කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අප්‍රේල් පළමු වෙනිදා සිට 12 වෙනිදා දක්වා සිදු කළ 2,000කට ආසන්න වැටලීම්වලින් වෙළෙඳුන් 400කට අධික පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල ප. ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි.

මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

Connet With Us