පිසූ ආහාර සහ කෙටි ආහාර මිල යළි ඉහළ දැමීමෙන් නාගරික යාචකයන්ගේ ආහාර අහේනිය උග්‍රවීමේ අවදානමක් හට ගෙන ඇත.

සයිනොපෙක් සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළ දමා තිබේ.

වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

අද කොහොමද ?

Published in පුවත්
Tuesday, 07 April 2026 07:33

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය නිල වශයෙන් තහවුරු කර තිබේ.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් මෙට්‍රික් ටොන් 7,000ක LPG ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

මෙම සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අලුත් අවුරුදු සමයේදී භාණ්ඩ සඟවා තැබීම, වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වන ක්‍රියාවන්හි නිරත වන වෙළෙඳසැල් වැටලීමේ මහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස අප ප්‍රවිශ්ට විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Connet With Us