සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා ප්‍රවිශ්ට විය යුතුයි - ජනපති

Published in පුවත්
Monday, 06 April 2026 13:02

සමාජයේ පවතින ඇතැම් සංකීර්ණ ගැටලු විසඳාගැනීමට නම් ඩිජිටල් ගනුදෙනු සඳහා රටක් ලෙස අප ප්‍රවිශ්ට විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

සමාජයට කාර්යක්ෂම දේ වැලඳගැනීමට අවශ්‍ය උත්තේජනය නිලධාරීන් විසින් ලබාදිය යුතු බව ජනපතිවරයා එහිදී සදහන් කළේය.

කේෂ්ත්‍රයන් ඩිජිටල් කිරීම තුළින් ඩොලර් බිලියන 15 ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉලක්කයක් රජය සතු බවද පැවසු ජනාධිපතිවරයා, ගනුදෙනු සම්බන්ධයෙන් ඉතා හොඳ සංස්කෘතියක් ඇති අප සමාජයට මෙම නව පද්ධතීන් ප්‍රචලිත කරන්නේ කෙසේද යන අභියෝගය රජය සතුව ඇතැයි ද පැවසීය.

“QR කිව්වොත් ඔළුවට එන්නේ කුමක් ද ? ඉන්ධන සීමා කිරීම සඳහා තිබෙන මෙවලමක්. QR යටතේ පොහොර දෙන්න යනවා කිව්වා. එතකොට මතයක් හැදුවා පොහොරත් කපන්න තමා යන්නේ කියලා... QR අන්තිමට සීමා කිරීමකට ලඝු වෙලා. ගනුදෙනුවලටත් ආවොත් මේ කරන්න යන්නේ සීමා කිරීමක් ද මේ කරන්න හදන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව විශේෂ අධ්‍යාපන වැඩසටහනකුත් අවශ්‍යයි.

අපි විශ්වාස කරනවා මේ ආරම්භ කරන ලද පියවර අපේ රටේ QR කේතයන් හරහා සිදුවන සියලුම ගනුදෙනු ඉතාම වේගයෙන් ප්‍රචලිත කළ හැකියි. බැංකු සහ මූල්‍ය ආයතනවලට මේ පිළිබඳ විශාල වගකීමක් තියෙනවා. ගොඩක් මුල්‍ය සමාගම් දැන් අලුත් අවුරුද්දට ප්‍රචාරක දැන්වීම් හදනවා. මම හිතනවා අපිට පුළුවන් නම් මේක නිමිත්තක් බවට පත්කරගෙන අලුත් අවුරුද්දට කරන ගනුදෙනු QR කේතයන් හරහා සිදුකරන ගනුදෙනු බවට පත්කරගන්න පුළුවන් නම් එය ඉතාමත් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත්වේවි. එතකොට මිනිස්සු වැලඳගන්නවා. අපේ සමාජය අලුත් දේ වැලඳ ගන්න ලෑස්තියි. හැබැයි අලුත් දේ ආකර්ෂණය නැත්නම් පහසු නැත්නම් මිනිස්සු වැලඳගන්නේ නෑ...”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us