සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 15 April 2026 07:37

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද (15) ප. ව. 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එළැඹෙන අවුරුදු සමයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඒ සදහා ප්‍රථමාධාර සේවා සහ වෛද්‍ය සේවා සැපයීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ජාතික ක්‍රීඩා විද්‍යායතනය පවසයි.

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.

අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

අද කාළගුණය

Published in පුවත්
Sunday, 12 April 2026 09:50

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පස්වරුවේ වැසි

Published in පුවත්
Saturday, 11 April 2026 07:29

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Connet With Us