වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදාළ ප්‍රදේශයේ විහාරාධිපති හිමියන්ගේ සහ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය ලබාගෙන විනිවිදව සිදුකළ යුතු බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුවත් කර ඇත.

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබේ.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා නැවත පැමිණීමට බස් රථ රැසක් අදත්(19) යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල අද (20) පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරටට ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.

හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අලුත් අවුරුදු හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පිටත්වීමට අවශ්‍ය බස් රථ සේවාව අද සිට ආරම්භ කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය II සහ III වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇති අතර 2026.04.30 දින වන විට සියලුම පාසල් වෙත බෙදාහැර අවසන් කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Connet With Us