මෙරට අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම බරපතළ අනතුරක - SLCPI හෙළිකරයි

Published in පුවත්
Tuesday, 21 April 2026 19:17

ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ සැපයුම බරපතළ අනතුරකට ලක්ව ඇති බවත්, එය වළක්වා ගැනීමට වහාම ප්‍රායෝගික පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ගෝලීය සහ දේශීය ආර්ථික සාධක රැසක් හේතුවෙන් ඖෂධ සැපයුම් දාමය මත එල්ල වී ඇති පීඩනය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව එම මණ්ඩලය අවධාරණය කරයි.

ඉන්ධන මිල 38% කින් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 40% කට වඩා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ අමුද්‍රව්‍යවල ගෝලීය මිල ඇතැම් අවස්ථාවල 70% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන පිරිවැය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ආනයන බලපත්‍ර අලුත් කිරීමේ ප්‍රමාදය සහ මිල සමාලෝචන ක්‍රියාවලියේ පවතින ගැටලු හේතුවෙන් ඖෂධ නියමිත වේලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

මෙය හුදෙක් කර්මාන්තයට පමණක් සීමා වූ ගැටලුවක් නොව ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් බව මණ්ඩලය පවසයි.

වහාම පියවර නොගතහොත්, රජයේ සහ පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර වනු ඇති අතර රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම හෝ අඩාල වීම සිදුවනු ඇති බව සඳහන් වේ.

ඖෂධ සැපයුම ස්ථාවර කිරීම සඳහා SLCPI පහත පියවර වහාම ගන්නා ලෙස යෝජනා කර තිබේ.

ආනයන බලපත්‍ර ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් වහා විසඳීම.

පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව විනිවිදභාවයකින් යුත් මිල සමාලෝචන ක්‍රමවේදයක් සකස් කිරීම.

සැපයුම් දාමයේ අඛණ්ඩතාව රැක ගැනීම සඳහා නියාමකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්ව කටයුතු කිරීම.

"අද පවතින මෙම පීඩනය හෙට ජාතික ඖෂධ හිඟයකට හැරෙන්නට පෙර, සියලුම අදාළ පාර්ශව මෙම ගැටලුව උපරිම හදිසිතාවයකින් සලකා බැලිය යුතුයි," යනුවෙන් SLCPI සිය නිවේදනය මගින් අවසන් වශයෙන් අවධාරණය කර සිටී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us