ජාතික හෙල උරුමය නමින් මීට පෙර තිබූ පක්ෂය නම වෙනස් කිරීමෙන් පසුවද නැවත කුඩා කණ්ඩායම් වලට බෙදී වෙන්වී ඇති බව වාර්තාවේ. මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමට ආසන්නව තිබියදී හෙළ උරුමය සිය නාමය 'යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ' ලෙස නම වෙනස් කළේය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විභාග කිරීම සඳහා පැවැත්වීමට යන දේශීය පරීක්ෂණයේ යන්ත්‍රණය පිළිබඳව රජය විසින් එක්සත් ජනපදය දැනුවත් කරනු ලැබ තිබේ.

ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ බොහෝ අවස්ථාවල සිදු වූවාක් මෙන් මෙවර ද එය නැවතත් සිදු විය. එනම්, පෙරමුණු, සංධාන හෝ එවැනි නම්වලින් පැමිණි ආණ්ඩු සේම, අද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන ලද දේශපාලන හවුල්කාරීත්වයයි. මෙවර එම දීගයට විශේෂ නමක් යොදා තිබේ. ‘සම්මුතිවාදී ආණ්ඩුව‘ එහි නවතම උප්පැන්නයේ ඇති නමයි. ඊට අමතරව දෙපාර්ශවය විසින් අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කොට තිබේ.

ශ්‍රී ලංකා නිදහස පක්ෂය දෙකඩ වන බවත් එහි මහින්ද පාර්ශ්වය නියෝජනය කළ පිරිස ආණ්ඩුවට එරෙහිව යන බවටත් ප්‍රචාරය කෙරෙමින් පවතින කතාවල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව හෙළිවේ.

රාජපක්ෂ පාලන සමයේදී දේශපාලන හා පෞද්ගලික වුවමනා එපාකම් සඳහා කෙරුණු මිනිස් ඝාතන ‍රැසක් සඳහා එවකට හිටපු බුද්ධි අංශ ලොක්කෙකු හා ඔහු යටතේ ක්‍රියාත්මක වූ හමුදා බුද්ධි අංශයක සිය ගන්නකට එරෙහිව චෝදනා ගොනු වෙමින් තිබෙන බව වාර්තාවේ. එමෙන්ම එවකට සිටි හමුදාවේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකුටද එරෙහිවද මෙලෙස චෝදනා ගොනුවෙමින් පවතී.

පසුගිය මැතිවරණයේදී ජවිපෙ විශාල මුදලක්‌ වියදම් කළත් ඒ මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය මේ දක්‌වා අභිරහසක්‌ බැවින් එම මුදල් පක්‌ෂයට ලැබුණු ආකාරය හෙළි කරන්නැයි ජනතා සේවක පක්‌ෂයේ ප්‍රධාන ලේකම් සෝමවංශ අමරසිංහ මහතා ඉල්ලා සිටියේය.

ලේඛිකාවක මාධ්‍යවේදිනියක සහ වාර්ථා වැඩසටහන් ටෙලිනාට්‍ය අධක්‍ෂවරියක වන මනෝහාරී හේවාවසම් ගේ දෙවන නවකථාව පෙම්බරා එලැඹෙන සැප්තැම්බර් මස 03 දින කොළඹ 07 පුස්තකාලසේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී සවස 3.00ට ජනගත කරණු ලැබේ.
 
මනෝහාරී විසින් 2003දී මාලිනී ෆොන්සේකාගේ ජීවිත කථාව ඇසුරින් මාලිනී අභිණය පෙළහර නම් කෘතිය සහ ඇහැළමලී නවකථාව 2011දී රචනාකරන ලදී. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් බලාපොරොත්තුවෙන් සිටි තිස්ස අත්තනායක මහතා එම බලාපොරොත්තු සුන් වීමෙන් පසුව තමාට ප්‍රභූවරයකු සේ සලකා නිකුත් කර තිබු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අද දින ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දි එය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් බවට වෙනස් කරගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය නිකුත් කළ නිවේදනය

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

මෙවර විදේශ අමාත්‍ය තනතුර මංගල සමරවීර මහතාගෙන් ගැලවී යනු ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැතියද අවසානයේදී එම තනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපදෙස් මත එම තනතුරට වඩා සුදුස්සා සමරවීර මහතා වූ බැවින් ඔහුවම ඒ සඳහා පත් කිරීම සිදුවිය.එමෙන්ම රාජ්‍යය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබුණු බැවින් විදේශ අමාත්‍යධුරය වහා පි‍රැවීමට සිදුව තිබිණි.

Connet With Us