හෙළ උරුමය චූටි චූටි කෑලීවලටත් වෙන් වෙයි. රතන හිමිට මන්ත්‍රීධුරයක් නොදෙන්නැයි චම්පික, රනිල්ට බලපෑම් කරලා

Published in පුවත්
Tuesday, 25 August 2015 15:52

ජාතික හෙල උරුමය නමින් මීට පෙර තිබූ පක්ෂය නම වෙනස් කිරීමෙන් පසුවද නැවත කුඩා කණ්ඩායම් වලට බෙදී වෙන්වී ඇති බව වාර්තාවේ. මහ මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දීමට ආසන්නව තිබියදී හෙළ උරුමය සිය නාමය 'යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ' ලෙස නම වෙනස් කළේය.

පසුව හෙළ උරුමයේ නායකයන් එජාපයේ අලියා ලකුණින් තරග කිරීමට පිවිසීමෙන් පසුව එම නමම අලියා ලකුණ හා බද්ධ කර ගන්නා ලදී. එහි කිසිදු නිල වටිනාකම නොවුන නමුදු තමගේ අනන්‍යතාවය ‍රැක ගැනීම සඳහා එය හෙළ උරුමයේ නායකයන්ට ප්‍රමාණවත් විය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර උදය ගම්මන්පිල හෙළ උරුමය කඩාගෙන ගිය අතර ඔහු සමඟ ගිය කොටස් පසුව නනත්තාර විය. ඉන් පසුව චම්පික රනවක ඇතුළු කණ්ඩායම හෙළ උරුමයේ බලවත් පිරිස වුයේය. පෙර සූදානමේ අගය දැනගෙන සිටි අතුරලියේ රතන හිමි පිවිතුරු හෙටක් තැනුවේ තමාටද යම් දිනෙක යනඑනමන් නැතිවෙන බව දැනගත් නිසාය.

අද මේවන විට රතන හිමිද මේ කණ්ඩායම සමඟ නැත. ඔවුනොවුන් අතර තිබෙන බේදය වඩාත් උග්‍ර වූයේ රතන හිමිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුරයක් ලබා දීමට එජාප නායකයා තීන්දු කිරීමත් සමඟය. එම මන්ත්‍රීධුරය රතන හිමිට ලබා නොදෙන්නැයි චම්පික රණවක පාර්ශ්වයෙන් බලපෑම් එල්ල වී තිබිණි. එහෙත් පොරොන්දු වූ පරිදී එජාප නායකයා රතන හිමිට මන්ත්‍රීධුරය ලබා දීමට කටයුතු කළ අතර එමගින් චම්පික රණවකට ආණ්ඩුව තුල සතුරකු බිහිකිරීමද සිදු කර ඇත. මේ අතර රතන හිමි හා මහින්ද පාර්ශ්වය අතර සමීප සම්බන්ධතා ඇති බවටද වාර්තා පළවිය.

කෙසේ නමුත් මේවන විට හෙළ උරුමයක නටබුන්වත් දකින්නට නැත. එය සුන්නද්ධුලී වී ගොසිනි. ජාතිවාදයට ආගම්වාදයට ඉඩක් නැති බව මෙවර මහ මැතිවරණයෙන්ද ඔප්පු වූ සත්‍යක් වූ අතර චම්පික රණවකගේ ශූර බුද්ධිය විසින් වෙලාසනම එජාපය හා ගැට ගැසිණි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us