මෙම සිදුවීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගෑනීම සඳහා එම පිරිස අද උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
පසුගිය මහ මැතිවරණ සමයේදී මෙම පරීක්ෂණ කටයුතු අගමැතිවරයාගේ නියෝග පිට තාවකාලිකව නවතා තිබිණි. හමුදා නිළධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් යුධ හමුදාව තුල කැළඹීමක් හට ගනු ඇති බවට හමුදා ප්‍රධානින් කළ දැනුම් දීම මත එලෙස පරීක්ෂණ කටයුතු අත් හිටුවා තිබිණි.
මේ සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර බුද්ධි අංශ සමඟ කටයුතු කළ දෙමළ ජාතිකයන් දෙදෙනකු හා යුධ හමුදා සාජන් මේජර්වරයකු අත් අඩංගුවේ පසුවේ.